ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු හා ජනප්‍රිය යූ ටියුබ්කරුවකු වන දර්ශන හඳුන්ගොඩ මහතා අද (10) උදැසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු පසුගිය දින කිහිපයේ අසනීප තත්ත්වකින් පසු වූ අතර පවුලේ ආරංචි මාර්ග තහවුරු කර ඇත්තේ අද උදෑසන මිය ගිය බවයි.
ඔහු මෙරට විචාරාත්මක දේශපාලනය නව මාවතකට යොමුකළ හා දේශපාලන පෝඩ්කාස්ට් යූ ටියුබ් වේදිකාවේ ආරම්භ කිරීමට මුල් වූ යූ ටියුබ් කරුවෙකි.
ඔහුගේ SL DESHAYA සමාජ මාධ්‍ය නාලිකාව ඔස්සේ දේශපාලනික වශයෙන් ජනතාව දැනුවත් කිරීමට විශාල කාර්යභාරයක් සිදු කරනු ලැබුවා.
