මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය මේ වන විටත් අක්‍රීය තත්ත්වයේ පවතී.
නිල වෙබ් අඩවිය ඊයේ (09) කිසියම් සයිබර් ප්‍රහාරයකට ලක් වී ඇති බව පෙන්නුම් කළ අතර වෙබ් අඩවියට පිවිසීමෙන් අනතුරුව රාජ්‍ය ලාංඡනය විකෘති කර ඇති ආකාරය දැකගත හැකිවුණා.
එම සිදුවීම සමාජ මාධ්‍යවල පළවීමත් සමඟ අමාත්‍යාංශයේ වෙබ් අඩවිය (https://pubsec.gov.lk/) අක්‍රීය කිරීමට කටයුතු කර තිබෙනවා
දැනට වෙබ් අඩවියට පිවිසුණ පසු තාවකාලිකව එයට පිවිසිය නොහැකි බව සඳහන් දැන්වීමක් පෙන්වන අතර මහ ජනතාව වෙත උපදෙස් ලබා දී ඇත්තේ සපයා ඇති දුරකථන අංකයට හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට විමසීම් යොමු කරන ලෙසයි.
සයිබර් ප්‍රහාරයකින් පසු එහි ඇතුළත් රාජ්‍ය ලාංඡනයේ මධ්‍යයේ දක්නට ලැබෙන සිංහයා හඳුනාගත නොහැකි ආකාරයට වෙනස් කර ඇති ආකාරය දැක ගත හැකි වුණා.
ඊට අමතරව, රාජ්‍ය ලාංඡනයේ දෙපස ස්ථානගත කර ඇති හිරු සහ සඳු සංකේත ද හඳුනා ගැනීමට අපහසු තරමට විකෘති කර තිබුණා.
කෙසේ වෙතත් දැනට වෙබ් අඩවියේ අතුරු මුහුණතෙහි නිවැරදි රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය වන ආකාරය දැකගත හැකියි.
එහෙත් මේ වන විටත් වෙබ් අඩවියේ වර්තමාන තත්ත්වය හෝ රාජ්‍ය ලාංඡනයේ වාර්තා වූ විකෘති කිරීම් සම්බන්ධයෙන් රජය පාර්ශවයෙන් නිල පැහැදිලි කිරීමක් නිකුත් කර නැහැ.
