ඩෙන්මාර්කයෙන් වෙන් වී ඇමරිකාවට එක්වීම සඳහා සෑම ග්‍රීන්ලන්ත පුරවැසියෙකුටම මුදල් ත්‍යාගයක් පිරිනැමීමට අමෙරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය සැලසුම් කරමින් සිටින බව වාර්තා වෙනවා.
එක්සත් ජනපදයේ මෙම සැලසුම පිළිබඳ වාර්තා වූයේ ආක්ටික් ප්‍රදේශයේ ඩෙන්මාර්ක භූමිය ආක්‍රමණය කළහොත් තම සොල්දාදුවන් වහාම සටනට පිවිස ඔවුන්ගේ අණ දෙන නිලධාරීන්ගේ නියෝග බලාපොරොත්තුවෙන් තොරව වෙඩි තබන බවට ඩෙන්මාර්කය අනතුරු ඇඟවීමෙන් පසුවය.
රොයිටර් පුවත් ඒජන්සිය වාර්තාවකට අනුව එක්සත් ජනපද නිලධාරීන් ග්‍රීන්ලන්ත වැසියන් ආකර්ෂණය කර ගැනීම සඳහා එක් පුද්ගලයෙකුට ඩොලර් 10,000 සිට ඩොලර් 100,000 දක්වා මුදල් යැවීමට සාකච්ඡා කර තිබෙනවා. සමස්තය ඩොලර් බිලියන 6 කට ආසන්න මුළු ගෙවීමක පැකේජයක් ඒ අනුව ට්‍රම්ප් ග්‍රීන්ලන්තය වෙනුවෙන් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.
ඩෙන්මාර්කයට අයත් භූමියක් වන ග්‍රීන්ලන්තයේ පදිංචිකරුවන්ට සෘජුවම ගෙවීමේ මෙම අදහස ට්‍රම්ප් විසින් සැලසුම් කරමින් සිටින්නේ ග්‍රීන්ලන්තය විකිණීම කිසිසේත්ම සිදු නොකරන බව ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය සෘජුව පවසා ඇති පසුබිමකය.
මේ අනුව ග්‍රීන්ලන්තය කෙසේ හෝ තම භූමියට ඈඳා ගැනීමට ට්‍රම්ප් දරන උත්සාහයේ නවතම උපායමාර්ගය මෙයයි. එහි වාසය කරන 57,000 ක ජනතාව මිලදී ගැනීමට ට්‍රම්ප් සැලසුම් කරන්නේ ඒ අනුවයි.
ධවල මන්දිරය විසින් ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමට විවිධ සැලසුම් සාකච්ඡා කරමින් සිටින අතර හමුදා බලය යොදා අල්ලා ගැනීමද එක් උපක්‍රමයක් ලෙස පවතී.
කෙසේ වෙතත් මෙම ජනතාව මිලදී ගැනීමේ ගණුදෙනුව ඉතාම පහත් යෝජනාවක් ලෙසයි සැලකෙන්නේ. ඩෙන්මාර්කය මත ආර්ථික වශයෙන් යැපෙන තත්ත්වය බොහෝ විවාද සම්පන්න තත්ත්ව තුළ පවා ට්‍රම්ප්ගේ මෙම යෝජනාව එහි වැසියන් පහත් කොට සැලකීමක් බවට මත පළවෙමින් පවතී.
ට්‍රම්ප් පරිපාලනය මෙම මාර්ගය අනුගමනය කළහොත් එම ගෙවීම් ලබා දෙන්නේ කවදාද සහ කෙසේද යන්න හෝ ග්‍රීන්ලන්ත වැසියන්ගෙන් ඒ සඳහා අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න පිළිබඳ තොරතුරු කිසිවක් පැහැදිලිව ප්‍රකාශ කර නැහැ.
මෑතකාලීනව ග්‍රීන්ලන්තයේ සිදුකළ සමීක්ෂණවලින් එහි වැසියන්ගෙන් බහුතරයක් ඩෙන්මාර්කයෙන් ස්වාධීන වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති මුත් ඇමරිකාවේ කොටසක් වීමට අකමැති බවයි ප්‍රකාශ කර ඇත්තේ.
