දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඩුබායි රාජ්‍යයේ වෙසෙන ලාංකිකයන් එවූ ආධාර කන්ටේනර් තුළ බහා මත්ද්‍රව්‍ය හෝ තහනම් භාණ්ඩ රැගෙන ආවද යන්න පිළිබඳ බරපතල සැකයක් පවතින බව ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ මෙම ආධාර රැගෙන ඒමේදී බරපතළ මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් සිදු කරමිනි.
මෙම ආධාර තොගය රේගුවේදී නිසි පරීක්ෂාවකින් තොරව මුදා හැර ඇති බවට සැකයක් මතුවන බව ද ඔහු මෙහිදී අවධාරණය කරනු ලැබුවා.
“යම් කිසි කාගෝ සමාගමක් මේ භාණ්ඩ ලංකාවට එවලා තියෙනවා. ශ්‍රී ලංකා රේගුවෙන් මේ භාණ්ඩ පරීක්ෂා කිරීමකින් තොරව රට ඇතුළට එව්වොතින් මොනවගේ තත්ත්වයක් ඇති වේවිද?”
එම නිසා වහාම මෙම ආධාර තොගය ලංකාවට එවීමේදී අදාළ වන නීත්‍යානුකූල ලියකියවිලි වන BL හෝ HBL පත්‍රිකා ප්‍රසිද්ධ කරන ලෙස සංජය මහවත්ත අශේන් සේනාරත්නට අභියෝග කර තිබෙනවා.
මාධ්‍ය හමුවේ ඔහු ඔහු කියා සිටියේ, මෙම ආධාර සම්බන්ධීකරණය කළ යූටියුබ් මාධ්‍යවේදියෙක් වන අශේන් සේනාරත්න ජනතාව නොමඟ යවමින් සිටින බවයි.
දිට්වා සුළි කුණාටුව අවස්ථාවේ ‘SL Riders’ කණ්ඩායම, අල් කයිමා හි ‘සිලෝන් ටෙස්ට්’ හෝටලය සහ තවත් පිරිස් එක්ව කන්ටේනර් 4කට ආසන්න ප්‍රමාණයක බඩු එක් රැස් කළ බව ඔහු පෙන්වා දුන්නා. එහෙත් ලංකාවට ලැබී ඇත්තේ ලොරි 4ක් පමණක් බව රේගු බහාලුම් අංගන නිරීක්ෂණයේදී තහවුරු වූ බවයි ඔහු පවසනේ.
නීත්‍යානුකූල ලියකියවිලි නොමැතිව භාණ්ඩවල සැබෑ ප්‍රමාණය තහවුරු කළ නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
“අශේන්, ඔයා වීඩියෝ දාලා මිනිස්සු කොටවනවා කියලා කියනවා. හැබැයි මම ඔබට අභියෝග කරනවා නැව් බාර පත්‍රයේ පිටපතක් ඉදිරිපත් කරන්න කියලා. ඩුබායිවල අපේ කොල්ලො කෙල්ලෝ කෝටි ගණනක බඩු එකතු කළා. ඒ බඩුවලට මොකද වුණේ? කන්ටේනර් ටික වෙන තැනකදී කඩලා, ඒකෙන් ටිකක් විතරක් ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර් එකට එවලා තියෙනවා.”
මෙම භාණ්ඩ FCL ලෙස නොව LCL (බහාලුමක කොටසක්) ලෙස එවා ඇති බවත්, ආධාරවල මුවාවෙන් වෙනත් භාණ්ඩ ගෙන්වා බදු වංචා කිරීමේ හෝ වෙනත් ස්ථානයකදී භාණ්ඩ වෙන් කිරීමේ සූදානමක් පවතීද යන්න පිළිබඳව බරපතල සැකයක් පවතිනබව ඔහු වැඩිදුරටත්
