සති දෙකක් තිස්සේ ඉරානයේ තීව්‍ර වෙමින් පවතින මහජන විරෝධතා මධ්‍යයේ, කැරැල්ලට සහභාගී වන ඕනෑම අයෙකු “දෙවියන්ගේ සතුරෙකු” ලෙස සලකනු ඇති බව ඉරානයේ නීතිපති මොහොමඩ් මොවහෙදි අසාද් අනතුරු අඟවා තිබෙනවා.
මෙය ඉරාන නීතිය යටතේ මරණ දඬුවම සමඟ බැඳුනු චෝදනාවකි.
ඉරාන රාජ්‍ය රූපවාහිනිය විසින් විකාශය කර ඇති ප්‍රකාශයට අනුව “කැරලිකරුවන්ට උදව් කළ” අය පවා මෙම චෝදනාව යටතේ වැරදිකරුවන් වන බව සඳහන්ය.
ඉරාන නීතියේ 186 වන වගන්තියේ සඳහන් වන්නේ කණ්ඩායමක් හෝ සංවිධානයක් ඉස්ලාමීය ජනරජයට එරෙහිව සන්නද්ධ විරෝධයක නිරත වුවහොත් එහි අරමුණු සඳහා දැනුවත්ව සහාය දෙන සියලුම සාමාජිකයින් හෝ ආධාරකරුවන් ‘මොහාරෙබ්’ හෙවත් දෙවියන්ගේ සතුරන් ලෙස සැලකිය හැකි බවය.
ඔවුන් පෞද්ගලිකව සන්නද්ධ ක්‍රියාකාරකම්වලට සහභාගී නොවුණත් නීතිය එසේම ක්‍රියාත්මක වෙන බව එහි දැක්වෙනවා.
නීති සංග්‍රහයේ 190 වන වගන්තියේ දක්වා ඇති ‘මොහාරෙබ්’ සඳහා දඬුවම් දරුණු වන අතර ඒවාට මරණ දඬුවම, එල්ලා මැරීම, දකුණු අත සහ වම් පාදය කපා ඉවත් කිරීම හෝ ස්ථිර ලෙස අභ්‍යන්තර පිටුවහල් කිරීම ඇතුළත්ය.
ඉරාන ඉස්ලාමීය රජයේ මෙම මර්දනය පැමිණෙන්නේ එක්සත් ජනපද අනතුරු ඇඟවීම් ද නොතකාය.
ජාතිය පාවාදෙන, අනාරක්ෂිත කරන විදේශීය ආධිපත්‍යයට නතුවෙන අයට ප්‍රමාදයකින් තොරව අධි චෝදනා නිකුත් කරන බව ද රාජ්‍ය රූපවහිනිය ඔස්සේ විකාශය වූ ප්‍රකාශයේ සඳහන් වූ බවයි වාර්තා වන්නේ.
එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, විරෝධතා අතරතුර අවම වශයෙන් පුද්ගලයින් 65 දෙනෙකු මිය ගිය අතර 2,300 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ටෙහෙරානයේ අන්තර්ජාලය ක්‍රියා විරහිත වී ඇති අතර බ්‍රහස්පතින්දා සිට දුරකථන මාර්ග අවහිර කර ඇති බව ද සඳහන් වෙනවා.
