නිදාගන්නත් බෑ. පොතක් පත්‍තරයක් බලන්නත් බෑ. මොකක්ද මේ Sex Bed කියන්නෙ?

දවසින් දවස ලෝකෙ ඉස්සරහට යනවා. හැමදේම වෙනස් වෙනවා. එහෙම ලෝකයක Sex කියන දේ විතරක් එකතැන පල් වෙන්නෙ නැහැ.

කනවා, බොනවා, හුස්ම ගන්නවා වගේ මිනිස්සුන්ගේ ඓන්ද්‍රීක අවශ්‍යතාවක් වුණු Sex කියන දේත් විවිධ අත්හදා බැලීම් එක්ක ඉදිරියට යනවා.

කාලෙකට කලින් Sex Toys කිව්වම අපිට ඒක අමුතු දෙයක් වුණා. දැන් නම් Sex Toys කණට ටිකක් හුරු වෙලා. ඒ වගේ මෑතක ඉඳන් ඇහෙන අමුතු වචනයක් තමයි Sex Bed කියන්නේ.

මේවට Tranta Sofa කියලත් කියනවා.

මේ Tranta Sofa එක දැක්කම පුදුම හිතුණ අය ඕන තරම් ඇති. බැලූ බැල්මට ඒක නිදාගන්න හදපු ඇඳක් නම් නෙවෙයි. දිගාවෙලා පොතක් පතක් කියවන්න පුළුවන් දේකුත් නෙවෙයි. එහෙනම් මේ ඇඳ මිනිස්සු පාවිච්චි කරන්නෙ මොකටද?

මේ ඇත්තටම Sex සඳහා නිෂ්පාදනය කල ගෘහ උපකරණයක්. විවිධ ඉරියව්වලින් ලිංගික ක්‍රියාවලියේ යෙදෙන්න හදපු Furniture එකක්. ඊළගට එන ප්‍රශ්ණය තමයි Sex වලට වෙනම ලිංගික ගෘහ භාණ්ඩ ඕනද කියන එක. ඒකට උත්තරය ඔව්. මිනිස්සු Sex කියන දේට කොයි තරම් විවිධත්වයක් දෙන්න උත්සහ කරනවද කියනවා නම් ලෝකෙ දියුණු රටවල මිනිස්සු තමන්ගෙ ගෙවල්වල වෙනම Sex Room පවා නිර්මාණය කරගෙන තියෙනව.

අපේ දරුවො, අම්මලා, තාත්තලා, මාමණ්ඩිලා, නැන්දම්මලා එකට ඉන්න ගෙවල්වල කාමර නම් ඒ තරමට දියුණු වෙන්න තව කාලයක් ගත වේවි. මොකද අපේ සංස්කෘතිය නිර්මාණය වෙලා තියෙන්නෙම ලිංගිකත්වය කියන දේ කලුවර කාමරයකට සීමා කරලා.

සම්ප්‍රාදයික සීමා එහෙමම තියාගෙන Tantra Sofa නැත්නම් මේ Sex Bed වලින් මොකද වෙන්නෙ කියල බලමු..

සෙක්ස් ගෘහභාණ්ඩ Hammocks (හැමෙක්ස්), Wedge Pillows (වෙජ් පිලෝස්) වගේම Tantra Chairs (ටැන්ට්‍රා චෙයාර්ස්), Tantra Sofa ටැන්ට්‍රා සෝෆා වැනි විවිධාකාර ස්වරූපවලින් පවතිනවා. විශේෂයෙන් Tantra Chair, කාමසූත්‍රයේ විස්තරකර ඇති ලිංගික ඉරියව්වලින් ආභාෂය අරන් නිර්මාණය කළ ගෘහ උපකරණයක් ලෙසයි සැලකෙන්නේ.

මේවා අපගේ වර්තමාන ලිංගික ජීවිතවල කොටසක් නොවුණත් ප්‍රධාන ධාරාවේ Amazon, Etsy, Wayfair සහ Ikea වැනි විකිණුම් වේදිකාවලට පවා ඇතුළත් වී අවසන්.

ලිංගික සුවතා විශේෂඥයින් නම් කියන්නේ ලිංගික ගෘහ භාණ්ඩ එකම විදියේ පැරණි ක්‍රමවලින් ඔබ්බට ලිංගිකත්වයට නව අරුතක් එක් කරනවා කියලා. වෙනත් විදියකට කියනවා නම් මෙගා නාට්‍යවගේ එකම විදියට ඇදෙන සෙක්ස් ලයිෆ්එකට වෙනසක් ලබාදෙන්නක් ලෙස ඔවුන් මේවා හඳුන්වා දෙනවා.

මෑතකදී මේ පිළිබඳ කළ එක්තරා සමීක්ෂණයකදී වැඩිහිටියන්ගෙන් සියයට 83 ක් පවසා තිබුණේ ඔවුන්ට ලිංගික මනඃකල්පිතයන් ඇති බවයි. ඒ කියන්නෙ බහුතරයක් මිනිස්සුන්ට සෙක්ස් පිළිබඳ ගැඹුරු මනෝලෝක හා මනෝභාවයන් තියෙනවා.

කාමසූත්‍රයේ වගේ ලිංගික ඉරියව් ඕන වුණත් මේ බහුතරකට ඒවා හීනයක් විතරක් වෙලා. සාමාන්‍යයෙන් අපි සෙක්ස් කියල දන්නෙ පොසිෂන් එහෙම නැත්නම් ලිංගික ඉරියව් එකක් හෝ දෙකක් විතරයි. නමුත් කාමසූත්‍රයේ ලිංගික ඉරියව් තුන්සීයක් ගැන සඳහන් වෙනවා. අපේ කාන්තාවන් ගත්තොත් මේ දේට ඇඳක් නම් ඕනමයි. අපේ සිරුරු නම්‍යශීලී නැහැ. සෙක්ස් තියා අත් කකුල් හිරි අරින්නත් නවාගන්න අමාරු අපේ කාන්තාවන්ට සෙක්ස් බෙඩ් එකක් ලැබුණොත් වටිනකම කියල නිම කරන්න බැරිවේවි. මොකද මේවා ශරීරයේ අවයවල නම්‍යශීලීත්වයට උපකාරයක් නැතිනම් ආධාරකයක් විදියට සේවය කරනවා.

ඒ නිසාම Sexවල විවිධ මාන හොයන තාරුණ්‍යයට විතරක් නෙවෙයි, හතළිස් පහෙන් පනහෙන් පස්සෙ සෙක්ස් ලයිෆ් එක ඉවරයි කියල හිතන වැඩිහිටියන්ටත් Sex bed එකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන්. වැඩිහිටියන්, ලිංගික පුරුදු සහ ආශාවන් පිළිබඳ සිදු කළ සමීක්ෂණයකදී වයස සමඟ ලිංගිකත්වයේ වාර ගණන අඩු වන බව සොයා ගෙන තිබෙනවා. මේවා එවැනි වයස්ගත වීම නිසා සතුට විඳීම අහිමි වූ අයට ඉතා වැදගත් වන්නේ ඒ නිසා.

උකුල් අමාරු, දණහිස් අමාරු, කොන්දේ අමාරු, ආතරයිටිස් සහ වසා ගැටිති රෝග නිසා දෘඩ පැතිලි තලවල ලිංගිකව එක්වීම අපහසුතා ඇති කරන අයට Sex Furniture බොහෝ සේ උපකාරී වෙනවා.

මිනිසුන් මේ හැමදේකින්ම උත්සහ කරන්නෙ සැබෑ සතුට සොයා ගැනීමයි. සහකරුවෙක් හෝ සහකාරියක් ලිංගිකත්වයෙන් සොයන සතුට ඔවුන්ගේ විරුද්ධ ලිංගිකයා සිතන දේ නොවිය හැකියි. ආදරය කරන අය දුරස් වන්නේම මේ සම්බන්ධයෙන් තියෙන වැරදි වටහා ගැනීම් නිසයි. ඉතින් තමන්ගේ සහකරුවා සමඟ හොඳ සන්නිවේදනයකින් පස්සෙ මෙවැනි ගෘහ භාණ්ඩ ඉහළ සම්බන්ධතාවක් ගොඩ නඟා ගැනීමයට අනිවාර්යයෙන් වැදගත් වේවි.

ලිංගික සුවතා විශේෂඥයින්ට අනුව ලිංගික ගෘහ භාණ්ඩ පුද්ගලික ආත්ම අභිමානය වැඩි දියුණු කරන අතරම සම්බන්ධතාවය, සමීපත්වය සහ සන්නිවේදනය වැඩි දියුණු කරනවා. හෝර්මෝන මගින් අවුලුවන ස්වයංසිද්ධ ආශාව තවදුරටත් කළ නොහැකි වූ විට ජීවිතයට නැවත ආශාවක් ඇති වීමට එය බලපෑම් කළ හැකි බවයි.

“ලිංගිකව හැසිරීමට හරි හෝ වැරදි ක්‍රමයක් නැහැ, ලිංගික ගෘහ භාණ්ඩ යනු හැම විදියටම සෙක්ස් කරන්න ආස අයටත් වයසට යන විට එයට මුහුණ දීම සඳහා අපගේ අවබෝධය පුළුල් කිරීමට උපකාරී වන දෙයක් පමණයි.”

ලෝකෙ රටවල් සංචාරක ක්ෂේත්‍රයට මිනිසුන් ආකර්ශනය කරගැනීම සඳහාත් මේ දේවල් භාවිත කරනවා.සුබ ආරංචිය තමයි අපේ රටෙත් කොළඹින් බැහැර ප්‍රමුඛ පෙළේ හෝටල් කාමරවල ප්‍රධාන ඇඳට අමතරව Sex Bed එක එකතු වෙලා තියෙනවා.ඒ කියන්නෙ සංස්කෘතික සීමාවන් නිසා තම තමන්ගේ මනෝ ලෝකවල හිරවෙලා හිටිය අයට දැන් ජීවිතය විඳින්න ඕනෑ තරම් අවකාශය තියෙනවා.

Latest News