අගමැතිනිය එක්ක වැඩිම ඇරියස් එක තියෙන්නේ මිහින්තලේ වනචාරියාට.. ලාල්කාන්‍ත

වර්තමාන අධ්‍යාපන යෝජනා ප්‍රතිසංස්කරණකට සීමා නොවන අතර අධ්‍යාපනයේ පරිවර්තනයක් බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

ලිංගික වශයෙන් කුහකත්වය සහ ඇරියස් ඇති පිරිස් විසින් මෙය කුණුරුපයක් බව පවසමින් අගමැතිනියට විවිධ අපහාස, අවලාද එල්ල කරමින් සිටින බව ඔහු කියා සිටියා.

අමාත්‍යවරයා එහිදී සෘජුව චෝදනා එල්ල කරනු ලබන්නේ මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි වෙතටයි. ඔහු එහිදී උන්වහන්සේට ‘වනචාරියා’ යැයි ද ප්‍රකාශ කරන ආකාරයයි දක්නට ලැබෙන්නේ.

ඔහු මේ බව කියා සිටියේ (10) දින පැවැත්වූ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලීය ආදි ශිෂ්‍ය මහා සංගමයේ (SAPSA) වාර්ෂික සම්මේලනය අමතමින්.

ඔහු එහිදී කියා සිටියේ,

“ප්‍රතිසංස්කරණ දිගටම සිද්ධ වුණා. අපේ රට දැන් තියෙන්නේ පරිවර්තනීය යුගයේ. කෘෂිකර්මාන්තය අපි ඇවිල්ලා ඇවිල්ලා දැන් ඉන්නෙ පරිවර්තනීය තැනක. අධ්‍යාපනයත් අපි ඇවිල්ලා ඇවිල්ල දැන් ඉන්නෙ පරිවර්තනීය තැනක. දේශපාලනය ගත්තමත් අපි ඉන්නේ පරිවර්තනීය තැනක. මං හිතන්නේ අධ්‍යාපනයටත් වඩා මාතෘකාව අගමැතිනිය් ගැන. අගමැතිනිය මෙහෙමයි, එතුමිය අරමයි වගේ ඒවා. වැඩිපුරම කතා කරන්නේ මං හිතන්නේ ආගමික නායකයොද කොහෙදෝ.

ඒගොල්ලෝ ඔක්කොම දන්නවා අගමැතිනිය ගැන. හැසිරීම්, චර්යා රටාවන්, කැමති දේවල්, අකමැති දේවල් හැබැයි අධ්‍යාපනයේ විදිය තත්ත්වය සමාජයෙන් තේරුම් ගන්න පුළුවන් කියලා කියමනක් තියෙනවා. අපේ අධ්‍යාපන පරිවර්තනය ගැන ප්‍රතිසංස්කරණ නමින් හරි කතා කරන, විරෝධතා දක්වන, අගමැතිනිය ගැන කතා කරන ඒ අය දිහා බැලුවමත් ඒ අයගේ අධ්‍යාපන මට්ටම හොඳට පේනවා. විශේෂයෙන් අර මිහින්තලයේ ඉන්න ‘වනචාරියා’ තනිකර කතා කරන්නේ කුණුහරප.”

මෙරට විධායක ජනාධිපතිවරයෙකුගේ පාලනය යටතේ මෙතරම් කතාබහට ලක්වුණු අගමැතිවරයෙක් මින් පෙර බිහිවී නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පවසා සිටියා.

“අධ්‍යාපන පරිවර්තනයක් ගැන කුණුහරණයක් කියලා අගනැතිතුමියට බනිනවා කුණුහරුපෙන්. විධායක ජනාධිපති කෙනෙක්ගේ පාලනය යටතේ ලංකාවේ මේ තරම් කතාබහට ලක්වෙන අගමැතිවරියක් නෑ. මේ තරම් වැඩවලට සම්බන්ධ වෙන, මේ තරම් සක්‍රීය, මේ තරම් ක්‍රියාත්මක අගමැතිවරියක් නෑ. ‘බලන්නකෝ එයා ඉගෙනගෙන තියෙන්නේ කොහෙද යුරෝපා රටවල්වල නේ ‘ ඔන්න මාතෘකා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මාතෘකා. එහෙම කෙනෙකුට ලංකාවේ මේ වැඩේ හරියන්නේ නෑ.

ඔය ආගමික සංස්ථාවල ඉන්නෙම පිරිමි අයනේ වැඩිපුර. මෙතන කාන්තාවක් පිළිබඳ කුහකත්වයකුත් තියෙනවා. ලිංගික කුහකත්වයකුත් තියෙනවා. ඇරියස් තියෙන කට්ටිය. සාමාන්‍යයෙන් පොරොන්දු වෙලා, ඒ සමහර විෂයන්වලින් අපි අපේ ජීවිතයට ඒවා ගාව ගන්නේ නෑ කියලා පැත්තකට වෙලා ඉන්න කට්ටියක් ඉන්න කට්ටියක් ඉන්නවනේ. ඒගොල්ලෝ දිවුරුන් දීලා පොරොන්දු වෙලා ඉන්නේ අපි මේ විෂයන් වල යෙදෙන්නේ නෑ, ඒවා තෘප්තිමත් කරන්නේ නෑ, ඒවත් එක්ක අපේ සම්බන්ධයක් නෑ කියලා. ඒ හාදයොන්ම තමයි මේක කතා කරන්නේ. ඉතින් ගොඩක් අයට ඕනකම තියෙනවා ජනාධිපති අපේ අනුර සහෝදරයාව චුට්ටක් පැත්තකින් තියලා ඊළඟ ඉන්න කවයට පහර දෙන්න. ඒක තමයි ඒගොල්ලන්ගේ දේශපාලන ලයින් එක.අපේ රටේ විපක්ෂයක් නෑනේ. එහෙම කරලා එතකොට ඒ ටික ඉවරයි අන්තිමට අතනට යනවා. කවදාක්වත් බෑ. දැන් මම මේ දැක්කා එක කණ්ඩායමක් කියනවා විපක්ෂය කරන එක ලේසි දැන් තේරෙනවා නේද ආණ්ඩු කරන එක හරි අමාරුයි කියලා. ඒගොල්ලන්ට කියන්න ඕන දෙයක් තියෙනවා. ආණ්ඩු කරනවා වඩා අපිට වුණා විපක්ෂ දේශපාලනය කරන එක. අපිව හිරේ දැම්මා අපේ පක්ෂ තහනම් කරා අපිට ගැහුවා, තැලුවා. ඇත්තම කියනවා නම් අපිට මේ ආණ්ඩු කරන එක කජ්ජක් නෑ. ඇති බම්බුවක් නෑ…”

Latest News

error: Content is protected !!