අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ රට, ජනතාව හා බුද්ධ ශාසනය බරපතල තර්ජනයකට මුහුණ දී සිටින බව ජාතිය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසා තිබෙනවා.
එම තත්ත්වය අනුව ඇය අධ්‍යාපන අමාත්‍යධුරයෙන් ඉවත් කර කැබිනට් සංශෝධනයක් සිදු කිරීමේ අවශ්‍යතාවය උන්වහන්සේ පෙන්වා දී තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද ලිපියක් මඟිනි.
අගමැතිවරියගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත අත්තනෝමතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නතර කළ යුතු බවද උන්වහන්සේ එම සංදේශයෙන් පෙන්වා දී තිබෙනවා.
ජනතාව සහ රට ගැන සැලකිල්ලක් නොදක්වන නූගත් රජයක සෘජු ප්‍රතිවිපාක අවසානයේ රටට සහ මහජනතාවට දැඩි හානියක් සිදුකරනු ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.
යෝජිත ප්‍රතිසංස්කරණවලදී බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන්, අනෙකුත් ආගම්වල පූජකවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන් හෝ අධ්‍යාපන විශේෂඥයන්ගෙන් අදහස් ලබාගෙන නොමැති බැවින්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල විනිවිදභාවයක් නොමැති බව උන්වහන්සේ චෝදනා කර තිබෙනවා.
ඒ අනුව, මෙම ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම සඳහා අනුගමනය කරන ලද ක්‍රියාවලිය මූලික වශයෙන් දෝෂ සහිත බවත්, එබැවින් වලංගුභාවයක් නොමැති බවත් සංදේශයේ අවධාරණය කර තිබෙනවා.
ජනාධිපති අනුර දිසානායක මහතා රාජ්‍ය නායකයා ලෙස, මෙම තර්ජනයෙන් රට, එහි ජනතාව සහ බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමට කඩිනම් පියවර ගනු ඇතැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අපේක්ෂා කරන බව සංදේශයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.
