නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැතිනි හරිනි අමරසූරියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් බලකරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමක් සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.
ඒ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදීය. දරුවන් උදෙසා වැඩිහිටියෝ සංවිධානයේ කැඳවුම්කරු විමල් වීරවංශ මහතා ප්‍රමුඛ එම සංවිධානයේ සාමාජිකයින් පෙන්වා දෙන්නේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නමින් ගෙන ඒමට නියමිත ප්‍රතිසංස්කරණ දරුවන්ට මෙන්ම සමස්ථ අධ්‍යාපනයට නුසුදුසු ප්‍රතිසංස්කරණ බවයි.
ඒ අනුව, එම ප්‍රතිසංස්කරණ වහාම හකුලා ගන්නා ලෙස බලකරමින්, අද (12) පෙරවරුවේ සිට මෙලෙස අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණා.
මෙලෙස අරඹන සත්‍යග්‍රහය පිළිබඳව මහනාහිමිවරුන් දැනුවත් කිරීම ද විමල් වීරවංශ මහතා ප්‍රමුඛ පිරිස කටයුතු කර තිබුණා.
හිටපු අමාත්‍යා විමල් වීරවංශ උපවාස හා සත්‍යග්‍රහවලදී කැපී පෙනෙන චරිතයකි. ඔහුගේ බොහෝ උපවාස කිරි වීදුරුවක්, තැඹිලි වීදුරුවක් හෝ ලෙමන් පෆ් බිස්කට් එකක් කා අවසන් වූ ඒවාය. එහෙත් ඔහු මෙවර අග්‍රාමාත්‍ය හරිනි එම ධුරයෙන් ඉවත් කරන තුරු අඛණ්ඩ සත්‍යග්‍රහයක යෙදෙන බවයි පවසා ඇත්තේ.
