චීන විදේශ ඇමති හා විජිත මුණගැහිලා..

චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ මහතා අද (12) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.

එහිදී දෙරට අතර බැඳීම් තව දුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා සාකච්ඡා කෙරුණු බව සඳහන් වෙනවා.

චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ මහතා නිල සංචාරයක් සඳහා අද (12) අලුයම දිවයිනට පැමිණ තිබුණා.

ඔහු සමග දූත පිරිස ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 17 දෙනෙකු ද දිවයිනට පැමිණ තිබෙනවා.

දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට යළි ගොඩනැගීම පිළිබඳව සොයාබැලීම සහ චීන රජයෙන් ලබාදෙන ආධාර පිළිබඳ දැනුම් දීම චීන විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ වුණා.

සංචාරය නිමා කරමින් චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස පෙරවරු 10.30ට පමණ යළිත් කටුනායක ගුවන් තොටුපොළෙන් චීනයේ බෙයිජිං නුවර බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

error: Content is protected !!