ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
මේ වන විට ඉස්ලාමීය ජන රජයට එරෙහිව පැවැත්වෙන විරෝධතාවලට එරට පාලන තන්ත්‍රයේ ප්‍රතිචාර දැඩි වෙමින් පවතින අතර ට්‍රම්ප්ගේ තීරු බදු පැනවීම සිදුවන්නේ ඊට එරෙහිවය.
ප්‍රධාන වශයෙන් චීනයට එරෙහිව මෙම බද්ද වහාම ක්‍රියාත්මක වනු ඇති බවයි ට්‍රම්ප් පරිපාලනය පවසන්නේ.
ටෙහෙරානය විරෝධතාකරුවන් ඝාතනය කළහොත් මිලිටරි මැදිහත්වීමක් සිදු කරන බව ට්‍රම්ප් මීට පෙර අනතුරු අඟවා තිබුණා.
