යුක්‍රේනයට එරෙහි යුද්ධයේදී රුසියානු හමුදාවට බඳවා ගත් දකුණු අප්‍රිකානු කුලී හේවායන් මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ලෙස යොදාගනිමින් සිටින බවට රුසියාවට ප්‍රබල චෝදනාවක් එල්ල වී තිබෙනවා.
බෝම්බයක් සිරුරට සවි කළ අප්‍රිකානු කුලී හේවායකුට යුක්‍රේන කඳවුරක් ඉලක්ක කිරීම සඳහා දුවයාමට බල කරන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වන්නේ මේ අතරතුරදීය.
මෙසේ සංසරණය වෙමින් පවතින වීඩියෝවේ කුසෙහි බෝම්බයක් සවි කරනු ලැබු බියෙන් වෙව්ලමින් සිටින අප්‍රිකානු සොල්දාදුවාට තුවක්කුවක් පෙන්වා දුව යන ලෙසට බල කරන ආකාරය හද කම්පා කරවන සුළුය.
රුසියානු හමුදා ජාතිකවාදී අපහාසාත්මක වචන යොදා ගනිමින් කුලී හේවායට සතුරු බංකරයට කඩා වදින ලෙස තර්ජනය කරන ආකාරය එහි සටහන් වී තිබෙනවා.
අප්‍රිකානු ජාතිකයන් රවටා යුක්‍රේන යුද්ධයට යොදා ගනිමින් රුසියාව ඔවුන්ව මස් ඇඹරුම් යන්ත්‍රයකට බිලි දෙමින් සිටින බව මෑතකදී දකුණු අප්‍රිකාවේ යුක්‍රේන තානාපති වරයා ද මේ බව අවධාරණය කර තිබුණා.
අධික වැටුප් හා ආකර්ශනීය පොරොන්දු මත දහස් ගණනක් අප්‍රිකානුවන් යුධ බිමේ ඉදිරි පෙළට ආකර්ෂණය කර ගෙන ඇති බව සැලකේ. මෑතකදී මතු වූ තවත් වීඩියෝවක අප්‍රිකානු කුලී හමුදා භට කණ්ඩායමක් ඔවුන්ගේ භාෂාවෙන් ගීතයක් ගායනා කරන ආකාරය සටහන් වුණා. ඔවුන් රූගත කරන සොල්දාදුවා සිනාසෙමින් “බලන්න ඉවත දැමිය හැකි කීදෙනෙක් ඉන්නවාද කියලා” යනුවෙන් ප්‍රකාශ කරන ආකාරය ද මේ වන විට මතභේදාත්මක වී තිබෙනවා. එහිදී රුසියානු භටයා පවසන්නේ පෙරමුණට දැමූ පසු ගායනය වෙනස් වන ආකාරය දැකගත හැකි වනු ඇති බවයි.
