ලාල් කාන්තගෙන් යළිත් ගින්නක්..

මහා සංඝ රත්නය ඉලක්ක කර අපහාස ප්‍රකාශ සිදු කළ බවට චෝදනා එල්ල වන අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

එනම් “තවත් වනචාරීන් දුටිමි” යන ශීර්ෂය සහිත සටහනක් ඔස්සේය.

ලාල් කාන්ත අමාත්‍යවරයා බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කරමින් කිසිදු දේශපාලන නායකයකු සිදු නොකළ ආකාරයේ වෛරී ප්‍රකාශ සිදු කරමින් සිටින බවට මේ වන විට බෞද්ධ භික්ෂූන් වහන්සේලා රැසක් චෝදනා එල්ල කරමින් සිටින කාරණයකි.

ඒ අනුව තවදුරටත් සමාජ මාධ්‍යයේ මෙවැනි ප්‍රකාශ සිදු කිරීම ඇවිළෙන ගින්නට පිදුරු එක් කිරීම වැනි වැඩක් වී තිබේ.

සංඝයා වහන්සේලා අතර කෝපය ඇතිවන ආකාරයේ මෙම හැසිරීම වගකිවයුතු අමාත්‍යවරයෙකු ලෙස උචිත ද යන්න වෙනම සිතා බැලිය යුත්තකි.

ඔහු පසුගිය දා පැවති එක්තරා රැස්වීමකදී අග්‍රාමාත්‍ය හරිනි ඉලක්ක කර ආගමික නායකයින් දැඩි ලෙස පහර දෙන බවට ප්‍රකාශ කළ අතර මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ඉලක්ක කර ‘මිහින්තලේ වනචාරියා’ යැ‍යි පැවසීම මෙම සියලු මතභේදයන්හි ආරම්භයට හේතුවුණා.

මේ අතර දේශපාලන විචාරකයකු හා මාධ්‍යවේදියෙකු වන උවිඳු කුලකුලසූරිය ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මේ වනව් විට තබා ඇති සටහනකින් පවසා ඇත්තේ ලාල්කාන්ත අමාත්‍යවරයා වනචාරියා යනුවෙන් හඳුන්වන්නට ඇත්තේ දේවානම්පියතිස්ස මහ රජු විය හැකි බවයි. ඔහුගේ සටහන මෙසේය.

“වනචාරියා කියලා තියෙන්නේ දේවානම් පියතිස්සටලු. මොකද පොරනේ දුන්නක් අරන් දඩයමේ ගියේ…”

Latest News

error: Content is protected !!