දළදා මාළිගාවේ ලයිට් බිලට කරන්ට් වැදුනු සජිත්ගේ ෆියුස් දියවඩන නිලමේ ගලවයි !

එතෙර මෙතෙර බෞද්ධයින්ගේ මුදුන් මල්කඩවන් ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික දළදා පෙරහැරට පෙර කිසිකලෙක නොවූ විරූ පරිදි විදුලි බිල්පතක් ලියා ආණ්ඩුව ස්වකීය අශිෂ්ට, අමනෝඥ පිලිවෙත හෙළිදරව් කොට ඇති බවත්, මේ පහත් ක්‍රියාව සම්බුදු දහමටත්, මුළුමහත් බෞද්ධ සමාජයටත්, පොදුවේ මුළු මහත් රටටත් කරන ලද නිගාවක් වන අතර, විශේෂයෙන්ම ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර පිළිබඳව අවධානය යොමු කරන ලෝකවාසී ප්‍රජාවටත් සිදුකරන ලද බරපතළ අවමානයක් සේ සලකන බවත් විපක්ෂනායකවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා තිබිණ.

”එය අප තුළ අති මහත් කම්පනයක් ඇති කළ බව සිහිපත් කරන අතර මේ අත්තනෝමතික තීන්දුව ගත් ආණ්ඩුවට අපගේ කොන්දේසි විරහිත පිළිකුල පලකරමි” යයි ද එම නිවේදනයේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසන්නේ ‘‘මහනුවර ඇසළ පෙරහර පවත්වනු ලබන කාලය තුළ භාවිත කරන විදුලිය වෙනුවෙන් විදුලි බල මණ්ඩලය මගින් ඉදිරිපත් කර ඇති රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂයක ඇස්තමේන්තුගත මුදල සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳා ගැනීමට හැකියාව තිබියදී ඇතැමුන් ජනමාධ්‍ය මඟින් ප්‍රශ්නයට විසඳුම් සොයන්නට උත්සාහ කිරීම අනුමත කළ නොහැකි බවයි.’’

මහනුවර ඇසළ පෙරහර පවත්වනු ලබන කාලය තුළ භාවිත කරන විදුලිය සඳහා වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇති රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂයක මුදල සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කර ඉන් යම් කොටසක් පමණක් ගෙවීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කර තිබේ.

එම ඇස්තමේන්තු මුදල සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්, පෙරහර භාරය, පොලිසිය, ලංකා ගමනාගමන මණ්ඩලය සහ ප්‍රවාහන අධිකාරිය සමග එකට එකතු වී සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද දියවඩන නිලමේ පවසයි.

මහනුවර ඇසළ පෙරහර වීදි සංචාරය කරන කාලය තුළ දළදා මාලිගාව සහ සතර මහා දේවාල පරිශ්‍රවලට විදුලි ආලෝකය සැපයීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලය සෑම වසරකම ඇස්තමේන්තුවක් එවන බව පවසන දියවඩන නිලමේවරයා, ගිය වසරේදී එය රුපියල් ලක්ෂ 90 ක ඇස්තමේන්තුවක් වූ බවද කියා සිටියි.

එම ඇස්තමේන්තු මුදල විදුලිබල මණ්ඩලය මගින් දැරුවත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන යටතේ මෙවර ඇස්තමේන්තු මුදලින් යම් කොටසක් ශ්‍රී දළදා මාලිගාව සහ සතර මහා දේවාල මගින් දැරිය යුතු බවට යෝජනා වී ඇති බව ඔහු සඳහන් කරයි.

– Theleader.lk

Latest News

More like this

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...

යෝජිත විදුලි පනත සම්මතයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි

යෝජිත විදුලි බල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...

එජා මානව හිමිකම් මහ කොමසාරිස්ට වැරදීමක්.. සමලිංගික විවාහ නීති ගත කරන පනත් කෙටුම්පතක් ගෙනත් නැහැ..

ශ්‍රී ලංකාවේ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක්...

චීන වවුලගෙන් පැතිරෙන බ්‍රෑන්ඩ් නිව් වෛරස 20ක් සොයාගනී

චීනයේ වවුලන්ගේ වකුගඩු ආශ්‍රිතව කරනු ලැබූ පර්යේෂණයකින් මිනිසුන්ට ආසාදනය...
error: Content is protected !!