ව්‍යසන හමුවේ කිසිදු අවස්ථාවක රජයේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට කටයුතු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක ‘REBUILDING SRI LANKA’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උත්සවයට එක්වෙමින්ය.
රට දිට්වා සුළි කුණාටුවට මුහුණ දුන්නේ ආර්ථික ව්‍යසනයකට මුහුණ දී තිබියදී ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතින මොහොතකය. එසේ වුවද කිසිදු අවස්ථාවක ඇඟබේරා ගැනීමට එම ව්‍යසන තත්ත්වය භාවිත නොකළ බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා. රජයට අවශ්‍ය වන්නේ කලින් සකස් කර තිබූ රට ගොඩ නැගීමේ න්‍යාය පත්‍රය වෙනස් නොකර ව්‍යසනයට මුහුණ දීමට බවයො ඔහු කියා සිටියේ.
පුරවැසියන් විසින් ලබාදී ඇති ජනවරමට තමා යටත්වී ඇති බවත් ඒ නිසාවෙන් කිසිදු බලපෑමකට ඒ ජනවරම පාවා නොදෙන බවත් පැවසු ජනාධිපතිවරයා ව්‍යසනය වෙනුවෙන් වියදම් කිරීමට පමණක් රු බිලියන 500ක ඇස්තමේන්තුවක් සම්මත කරගත් බවද ඔහු සඳහන් කළා.
“අපිට මේ ව්‍යසනය මත බොහෝ දේවල් තියලා ඇඟබේරා ගන්න හැකියාව තිබුණා අවශ්‍ය නම්. ඉතිහාසයේ අපි එහෙම තමා ගමන් කරේ. අවුරුදු 30ක් සියලු විනාශයන් හේත්තු කළා යුද්ධයකට. එහෙමයි අපිට තිබුණේ. යම් වසංගත තත්ත්වයන් තමා මේ ව්‍යසනයේ ආවරණය බවට පත්කර ගත්තේ. අපිට කිසිදු අවශ්‍යතාවයක් තිබුණේ නෑ අපේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට මෙය භාවිත කරන්නෙ නෑ කියලා තීරණයකට ආවා.”
මේ අතර පවුල් ලක්ෂ 7ක පුද්ගලයින් ලක්ෂ 24ක් දිට්වා සුළි කුණාටුවෙන් ඇති වු ව්‍යසනයේ ගොදුරු බවට පත්වූ අතර, නිවාස 6,000ක් පමණ අහිමි වූ බවද සඳහන් කළ ජනාධිපතිවරයා, ආපදා හේතුවෙන් අර්ධ වශයෙන් නිවාස 110,000කට පමණ හානි සිදුවු අතර, නිවාස හානි සිදුනොවුණත් ජනතාවට අවදානම් තත්ත්වය තුළ ඉවත්වීමට දැනුම් දී ඇති නිවාස 10,000ක් පමණ හඳුනාගෙන ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
විනාශයට පත්වූ නිවාස 2,500ක් සෑදීමට අයවැය ලේඛනයෙන් රු මි 5,000ක් වෙන්කර ඇති අතර 2026 වසරේ නිවාස 50,000කට අධික ප්‍රමාණයක් ගොඩනැගීමට නියමිත බව කියා සිටියා.
