රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක ‘REBUILDING SRI LANKA’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උත්සවය අද (13) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ නමුත් එම අවස්ථාවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහභාගී වී සිටියේ නැහැ.
රට ගොඩ නැඟීම පිළිබඳ ජාතික උත්සවය වු එම අවස්ථාවට ඇය සහභාගී නොවීම කැපී පෙනුණු සිදුවීමක් වුණා.
විශේෂයෙන් මේ වන විට ඇය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් මතු වී තිබීම හා අග්‍රාමාත්‍ය ධුරය පවා අභියෝගයට ලක් වී ඇති මොහොහක් වීම හේතුවෙනි.
ආණ්ඩුකාරවරයෙක් හා දේශපාලන විචාරකයකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මේ පිළිබඳ ඔහුගේ ෆේස්බුක් හි සටහනක් තබමින් ජාතික උත්සවය අග්‍රාමාත්‍යවරියගේ සහභාගීත්වයෙන් තොරව පැවැත්වීම පිළිබඳ ප්‍රශ්න කර තිබෙනවා.
ඒ ජාතික උත්සවයේ අගමැතිනියි (Task Force සභාපති) දැක්කේ නැහැ. එතුමියට අසනීපයක් වද්ද? යනුවෙනි.
