මතභේදයට තුඩු දුන් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හකුළුවා ගනිමින් තාවකාලිකව කල් දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව රජය ඊයේ (13) නිවේදනය කළා.
ඒ එම ප්‍රතිසංස්කරණයට සමාජයෙන් එල්ල වූ බරපතල විවේචනයන් හමුවේය.
රජය මෙම පියවර ගත්තේ බැරිම තැන හා වෙන කරන්නට කිසිවක් ඉතුරු නොවූ තැන වීම වෙනමම කාරණයකි. කුමන හෝ ආකාරයකින් අඩියක් පස්සට ගැනීම වැදගත්ම දෙයයි.
අග්‍රාමාත්‍ය හරිනි මෙම සිදුවීමෙන් අමතක නොවන පාඩම් රැසක් ඉගෙන ගන්නට ඇති බව නොඅනුමානය. තනි මතයට හිතුවක්කාර කමින් තමන්ට ඕනෑ දේ කිරීමට කිසිම රජයකට ඉදිරියට හැකියාව ලැබෙන්නේ නැත.
ආණ්ඩුව ප්‍රතිසංස්ක්‍රණ අකුළා ගත්තේ විමල් වීරවංශට හෝ සංඝයා වහන්සේලාගේ බලපෑම හමුවේද යන්න ඊළඟ කාරණාවයි.
විමල් වීරවංශල ලැබූ ජයග්‍රහණ කෙහෙල්මලක් නැත. ඔහුගේ සත්‍යග්‍රහණය තවත් එක් විහිළුවක් හා නරිනාටකයක් පමණි. තුත්තිරි ගහක හෝ එල්ලී යළි උඩට ඒමට මාන බලමින් සිටින විමල් හරිනිගේ සාරි පොටේ එල්ලී හෝ උඩට ඒමට බැලුවත් එයට පොදු සාමාජයෙන් හිතපු තරම් පිළිගැනීමක් ලැබුණේ නැත.
ආණ්ඩුව මහා සංඝ රත්නය හමුවේ දණ නැමුවා යැයි හිතන්නට ද බැරිය. එසේ දණ නැමුවා නම් මේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු වන ලාල් කාන්ත ලවා ඔහුගේ ෆේස්බුක් පිටුවෙන් දිනපතා මහා සංඝ රත්නයට අවමන් කරන්නේ නැත.
එහෙනම් ආණ්ඩුව බය වුණේ කාටද?
ආණ්ඩුව බය වුණේ සාමාන්‍ය පොදු මහජනතාව අතර ඇති වුණු විරෝධයටයි. පොදු ජන විඥානට ගෝචර නැති සමලිංගික වැනි කරුණු හේතුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන පොදු සමාජය තුළ විශාල විරෝධයක් නිර්මාණය විය.
තමාට ලැබුණු ඓතිහාසික ජන වරමට අබමල් රේණුවක හෝ වැරැද්දක් නොකරන බවට ප්‍රතිඥා දුන් ජනාධිපතිවරයා පස්සක් අඩියට ගත්තේ එම විරෝධය නිසා විය යුතුය. මෙම තීරණයට ඒමට දිනකට පෙර පවා කවුරුන් අභියෝග කළත් ප්‍රතිසංස්කරණය ආපසු හරවන්නේ නැති බව ජනාධිපතිවරයා පවා අවධාරණය කළ කාරණාවකි.
හදිසියේ එම තීරණය වෙනස් වුණේ විරෝධය විශාල වෛරයක් දක්වා පෙරළුණොත් අත්වන ඉරණම පිළිබඳ ඔහුට තවමත් සංවේදනයක් ඇති බව මතක් කර දෙමිනි.. එසේ නම් මෙය විමල්ගේ හෝ වෙනත් බලවේගයක ජයග්‍රහණයක් නොව සමාන්‍ය පොදුමහ ජනතාව ලැබූ ජයග්‍රහණයකි.
කෙසේ වුවත් ආණ්ඩුව මෙතැනදී සියයට සියයක් ඔවුන්ගේ උද්දච්ච මානසිකත්වය බිම තැබුවේ නැති බව ද අමතක නොකළ යුතුය. දැඩි විරෝධය හමුවේ පවා අත් හිටවූවේ 6 ශ්‍රේණියට අදාළ ප්‍රතිසංස්කරණය පමණි. රටේ ජනතාව ඉල්ලුවේ සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයම නැවත ප්‍රතිසංස්කරණය කිරීමකි.
කදාසිය ලිපේ දැමුවා සේ කරන්නට ගිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හේතුවෙන් හරිනි මේ ආණ්ඩුවම පස්ස බිම ඇනෙන්නටම වැට්ට වූ අතර යළි කඩිමුඩියේ 2027ට මෙය රැගෙන දුව ඒමට කලින් කරන්න විශාල වැඩ කොටසක් තිබේ. වැටුණු තැනින් වාරුගෙන නැගිට පස්සේ වැලි කැට පිහිදාගෙන හෝ ඉදිරියට යා හැකි වනු ඇත්තේ රටේ හදවතටම දැනෙන අධ්‍යාපනයට වඩා ඉවසීමක් හෝ පාරදෘශ්‍යභාවයක් අවශ්‍ය බව මතක තබා ගෙන වැඩ කළොත් විතරය.
