මේ රූපයේ සිටින්නේ ඉරාන පාලන තන්ත්‍රයට එරෙහිව මේ වන විට ක්‍රියාත්මක වන විරෝධය පාලනය කිරීම සඳහා ආගමික පාලනය දරන ප්‍රයත්නයෙහි ප්‍රතිඵලයක් ලෙස මරණ දණ්ඩනයට නියම වූ පළමු මිනිසාය.
මරණ දණ්ඩනය නියම වූ පළමු විරෝධතාකරු වන ඔහු එර්ෆානේ සොල්ටානි ය. 26 හැවිරිදි සොල්ටානිට නීතිය ඉදිරියේ සමාවක් ලබා ගැනීමට කිසිදු අවස්ථාවක් ලැබී නැති බවයි වාර්තා වන්නේ.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට ඔහුට මේ දක්වා කිසිදු විත්තියේ නීතිඥයකු හෝ ලබා ගැනීමට හැකියාවක් ලැබී නැහැ.
ජ්‍යාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ආකරයට ඔහුගේ මරණ දඬුවම අද (14) දින ක්‍රියාත්මකට නියමිතය.
මෑත සතිවල ඇති වූ නොසන්සුන්තාවයෙන් අවම වශයෙන් නිල වශයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 2000ක් වන අතර ඉරාන නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පැවසුවේ මරණ දඬුවම නියම වූ පළමු පුද්ගලයා සොල්ටානි බවයි. ඉරාන මානව හිමිකම් පිළිබඳ රාජ්‍ය නොවන සංවිධානයක් වන (IHRNGO) සහ ඉරානයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික සංගමය ඔහුව එල්ලා මරා දමනු ඇති බවයි සඳහන් කරන්නේ.
මෙවර, ඉස්ලාමීය ජනරජ පාලන තන්ත්‍රය එහි සුපුරුදු මිනිත්තු 10 ක ව්‍යාජ නඩු විභාගය ගැනවත් තැකීමක් කර නොමැති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.
මානව හිමිකම් සඳහා වූ Hengaw සංවිධානය පවසන්නේ ජනවාරි 8 වන දින කරජ් හි පැවති විරෝධතාවයකට පෙනී සිටීමෙන් පසු සොල්ටානි ඔහුගේ පෞද්ගලික නිවසේදී අත්අඩංගුවට ගත් බවයි. මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙයට දැඩි විරෝධයක් එල්ල කර ඇති බව සඳහන්ය. ඉරානයේ බලධාරීන් රජයට එරෙහි මහජන නැගිටීමක් මැඩපැවැත්වීම සඳහා මිනිසුන් එල්ලා මැරීමට පටන් ගන්නේ නම් එක්සත් ජනපදය දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බවට අනතුරු අඟවා තිබෙනවා.
