ශ්‍රී ලංකාවේ දැනට ඇති මිල අධිකම, අධි සුඛෝපභෝගී මෝටර් රථය බව පැවසෙන Rolls-Royce Phantom 8 Series 2 EWB මෝටර් රථය මිලදී ගැනීම දක්වා පැමිණි ගමන් මඟ ගැන මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතා අනාවරණය කර තිබෙනවා.
අදාළ මෝටර් රථය රේගු කටයුතු අවසන් කර නිවසට රැගෙන විත් ඇති අතර එහි ඡායරූප කිහිපයක් සමාජ මාධ්‍යට එක් කරමින් ඔහු පවසා ඇත්තේ එම ගමන් මඟ ඉතාම පහළින් ආරම්භ කරන ලද්දක් බවයි.
ලෝකයේ සුව පහසුම මෝටර් රථය හිමි කර ගැනීම දක්වා එම ගමන් මඟේ ආරම්භය බිරිඳගේ රත්තරන් භාණ්ඩ උකස් තැබීම බවයි ඔහු පවසා ඇත්තේ. ඉන් පසු එම මුදලින් 42 ශ්‍රි 1762 අංකය සහිත ලොරි රථය මිලදී ගැනීමෙන් ඔහුගේ ව්‍යාපරය ආරම්භ කළ බව ඔහු සඳහන් කර තිබෙනවා.
Rolls-Royce Phantom 8 Series 2 EWB මෝටර් රථය රොල්ස් රොයිස් සමාගමේ 100 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂයෙන් නිෂ්පාදන කළ මාදිලියකි.
මෙම මෝටර් රථය ලෝකයටම ඇත්තේ රථ 25ක් පමණක් බව ඩඩ්ලි සිරිසේන මහතා ඔහුගේ මුහුණු පොතේ සඳහන් කර තිබෙනවා.
