ඉරානයේ ඉරණම තීන්දු කරන මස්ක් සහ අයතුල්ලා අතර සන්නිවේදන යුද්ධය

2022 වසරේ සැප්තැම්බර් මාසයේ ‘Starlink’ හඳුන්වා දෙමින් ඊලොන් මස්ක් පැවසූ කරුණක් මෙසේය.

“ඉස්ලාමීය ජනරජයේ මිලියන 90 ක පුරවැසියන්ට කිසිදු පාලනයකට අවහිර කිරීමට හෝ වාරණය කිරීමට නොහැකි ආකාරයෙන් අන්තර්ජාලයට ප්‍රවේශ වීමේ හැකියාව ලබා දුන්නා”

අද වන විට මේ කියමන ඉරානය තුළ සත්‍යයක් බවට පත් වී ඇත්තේ සියලු අන්තර්ජාල පහසුකම්, දුරකථන විසන්ධි වූ ඉරානයේ ක්‍රියාත්මක වන එකම සන්නිවේදන මාර්ගය Starlink බවට පත් වීමෙනි.

වචන දෙකකින් එලොන් මස්ක් විප්ලවයේ සම්භාව්‍ය ක්‍රම සදහටම වෙනස් කර තිබෙනවා. ඒ “Activate Stalink” යන වචන දෙක භාවිත කරමින්ය. රට තුළ සියලුම අනතර්ජාල සේවා කප්පාදු කර ඇති මොහොතක ඊලොන් ස්ටාර්ලින්ක් පහසුකම ඉරානයේ එය භාවිත කරන ග්‍රාහකයින් වෙත නොමිලේ ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

මේ අනුව ඉරානයේ නායකත්වය විසින් වෙහෙස මහන්සි වී දීර්ඝ කාලයක් තිස්සේ ගොඩඟන ලද අනුකම්පා විරහිත පාලන තන්ත්‍රයට Starlink විසින් එල්ල කර ඇත්තේ සුළු පටු අභියෝගයක් නොවේය.

විප්ලවය ආරම්භ වෙද්දීම එරට පාලන අධිකාරිය අන්තර්ජාලය මුළුමනින්ම විසන්ධි කරනු ලැබුවේ රට තුළ සිදුවන මහා පරිමාණ සංහාරය ලෝකයෙන් වසන් කර ගැනීමටයි.

මෙය ඉරානය 19වැනි සියවසට පෙර පැවති සන්නිවේදන යුගයට යළි ගමන් කිරීමක් ලෙසයි සැලකෙන්නේ. විශේෂයෙන් 2019 න් පසු පළමු වරට මුළු රටටම අන්තර්ජාලය විසන්ධි කිරීමේ කුරිරු පියවරට ගිය පළමු අවස්ථාව වන්නේ මෙයයි.

එහෙත් මස්ක්ගේ Starlink ජාලය ඕනෑම ඉරාන ජාතිකයෙකුට එම සීමාවලින් බැහැර වී අන්තර්ජාලය සමඟ සම්බන්ධ වීමේ පහසුකම ලබා දී තිබෙනවා. රට තුළ ස්ථාපිත කර ඇති 50,000ක් පමණ ටර්මිනල් ඔස්සේ ස්ටාර්ලින් චන්ද්‍රිකාවට සම්බන්ධ වන අතර මෙවර අයතුල්ලා කමේනිගේ සියලු තාක්ෂණික මර්දනය මස්ක්ගේ පද්ධතිය අභිබවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පාලන තන්ත්‍රයේ තාක්ෂණ විශේෂඥයින්ට Starlink අන්තර්ජාල සම්බන්ධතා අවහිර කිරීමට හැකියාවක් ලැබී නැති නමුත් ප්‍රායෝගිකව භාවිතයට ගත නොහැකි වන පරිදි දැඩි ලෙස මන්දගාමී කිරීමට උත්සහ කරමින් සිටින බව ද වාර්තා වන්නකි. එමෙන්ම ඉරාන ආරක්ෂක හමුදා විසින් මේ වන විට Starlink පර්යන්ත විසින් චන්ද්‍රිකා ඇති ස්ථානය නිවැරදිව සොයා ගැනීමට භාවිත කරනු ලබන GPS සංඥා අවහිර කිරීමට කටයුතු කරන බව ද වාර්තාවල සඳහන්ය.

ඒ සඳහා රුසියාවේ සහ චීනය විසින් සංවර්ධනය කර ඇති දැනුම් පද්ධති ඔවුන්ට සහාය වන බවයි පැවසෙන්නේ. යුක්‍රේනය රුසියාවට එරෙහිව යුධ බිමේදී බහුලව යොදා ගැනීම හේතුවෙන් රුසියාව මේ වන විට එම සංඥා පද්ධතියට බාධා කළ හැකි වෙනම පරීක්ෂණ සිදු කරමින් සිටින බව පැවසෙනවා.

විරෝධතා උච්චතම වේලාවන්හිදී ඉරානය තුළ ස්ටාර්ලින්ක් සම්බන්ධතා සියයට 30 සිට 80 දක්වා මන්දගාමී කිරීමට මෙම ශිල්පීය ක්‍රම සමත් වී ඇති බවද සඳහන්ය. මීට පෙර කිසි දිනෙක මස්ක්ගේ ජාලය මෙතරම් සාර්ථකව කඩාකප්පල් කිරීමට ද කිසිවකු සමත් වී නැහැ. කෙසේ වෙතත් කමේනිගේ පාලන බලය විසින් ඉරානය තුළ ඇති Starlink Terminals 50,000ම විනාශ කළ ද 2022 වසරේ සිට නිෂ්පාදනය කළ ස්මාර්ට් ජංගම දුරකථන ඔස්සේ සෘජුව සම්බන්ධ වීම සඳහා අවශ්‍ය තාක්ෂණය මස්ක්ගේ SapaceX චන්ද්‍රිකාව තුළ පවතින බව ද වාර්තා පවසනවා.

Latest News

error: Content is protected !!