පැලෝපීය නාල මිරිකුවාම වඳ නොවන බව හය වසරේ සිට ඉගෙන ගත යුතුයි… අමාත්‍ය නලින්ද

පැලෝපීය නාලය මිරිකා මව්වරුන් වඳ කිරීමට නොහැකි බවට ඉගැන ගැනීමට නම් දරුවන් අනිවාර්යයෙන් හය ශ්‍රේණියේ සිට නිවැරදිව සෞඛ්‍ය අධ්‍යාපනය ලැබිය යුතු බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පවසා තිබෙනවා.

රූපවාහිනී විවාදයකට එක් වෙමින් ඔහු සඳහන් එම අධ්‍යාපනය නිවැරදිව ඉගෙන ගන්නා මාර්ගය යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඇතුළත් විය යුතු බවයි.

මව්වරුන් 4,000ක් වඳ කළ බවට වෛද්‍ය සාෆි ශිහාබ්ට එරෙහිව එල්ල වූ චෝදනා විද්‍යාත්මකව අසත්‍ය බවත් එවැනි මිථ්‍යාවන්ට ජනතාව හසු නොවීමට නම් නිවැරදි සෞඛ්‍ය අධ්‍යාපනයක් දරුවන්ට ලබා දිය යුතු බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ.

එහිදී එම මතය පැළ කිරීමට විශාල වැඩ කොටසක් කළ චන්න ජයසුමන, නලින්දගේ කතාවට බාධා කළේ මේ ආකාරයටයි.

“පැලෝපීය නාලය මිරිකා වඳ කළ හැකි බව විශේෂඥ වෛද්‍යවරුන් පවා පවසා තිබියදී නලින්ද එය ප්‍රතික්ෂේප කරන්නේ මූලික වෛද්‍ය විද්‍යාව දන්නේ නැද්ද??”

නලින්ද එහිදී ජයසුමනගෙන් අසා සිටියේ ඔබගේ ආණ්ඩුවක් යටතේ එය ඔප්පු කළාද යනුවෙනි. වෛද්‍ය සාෆි අත් අඩංගුවට නොගත්තේ මන්දැයි එහිදී නලින්ද විමසා සිටියා.

ගෝඨාභය රාජපක්ෂ රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් එම චෝදනා ඔප්පු කිරීමට කටයුතු නොකළේ මන්දැයි අමාත්‍යවරයා එහිදී චන්න ජයසුමන මහතාගෙන් ප්‍රශ්න කළා.

එමෙන්ම මෙහිදී නලින්ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විපක්ෂ කණ්ඩායම් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව ගෙන යන අසත්‍ය ප්‍රතිචාර පිළිකුළෙන් බැහැර කරන බවයි.

Latest News

error: Content is protected !!