කොළඹ මහ නගර සභාවේ මුදල් පාලන බලය ගිලිහී යාම නිසා බල්තසාර්ට යකා වැහෙයි

කොළඹ මහ නගර සභාවේ 2026 වසරට සඳහා මුදල් කාරක සභාවේ බහුතර බලය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට හිමිව තිබෙනවා.

නිල බලයෙන් එහි සභාපතිත්වය නගරාධිපතිනිය ව්‍රායි කැලී බල්තසාර්ට හිමිවූ අතර එම කාරක සභාවේ ඉතිරි සභිකධූර පහම ඒකාබද්ධ විපක්ෂයටයි හිමි වී ඇත්තේ.

විපක්ෂ කණ්ඩායමට බහුතර බලය හිමිවීම තුළ නගරාධිපතිනියට ඔවුන් සමග මුදල් කාරක සභාවේ කටයුතු කරගෙන යාමට මින් ඉදිරියට සිදුවන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මුදල් කටයුතු මෙහෙයවීමේ දී නගරාධිපතිනියට විපක්ෂ කණ්ඩායමේ සහයෝගය ලබා ගැනීම අනිවාර්ය වී තිබෙනවා.

තවදුරටත් වාර්තා වී ඇති ආකාරයට මේ ආකාරයෙන් කොළඹ නගර සභාවේ පවතින කාරක සභා 23හිම බලය අත්පත් කරගැනීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම්ය.

මෙම කාරක සභාව තේරී පත් වීමෙන් අනතුරුව නගාරාධිපතිනි බල්තසාර් කෝපයෙන් හැසිරෙන වීඩියෝවක් ද මේ වන විට සංසරණය වෙමින් පවතී. එහිදී ඇය “තමුන්ට ඕනෑ විදියට වැඩ කරන්න බෑ” යනුවෙන් විපක්ෂ මන්ත්‍රීවරයෙකුට බැණ වදින ආකාරය දැකගත හැකියි. තව ද ඇය නගරසභාවේ සේවකයකුට අත දිගු කරමින් බැණ වදින ආකාරය ද එහි සටහන් වී තිබෙනවා

Latest News

error: Content is protected !!