ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ සංදේශය ලැබුණ සැණින් ජනපතිගෙන් දුරකථන ඇමතුමක්…

හරිනිගේ ප්‍රතිසංස්කරණවල තව මොනවද අඩුපාඩු කියාත් විමසයි..

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම නතර කරන ලෙස ඉල්ලමින් ඇල්ලේ ගුණවංශ හිමියන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට යැවූ සංදේශයට ජනාධිපතිවරයා කඩිනමින් ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තා වෙනවා.

ඒ පෙරේදා (13) උදෑසන දුරකථනයෙන් උන්වහන්සේ අමතමිනි. ජනාධිපතිවරයා හා ගුණවංශ හිමියන් අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධ දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදුවුණ බව ඇල්ලේ ගුණවංශ හිමියන් පවසා තිබෙනවා.

ජනාධිපතිවරයා, “ඔබ වහන්සේ ලිපියක් එවලා තියෙනවා” යනුවෙන් තමන් වහන්සේ ඇමතූ බවයි උන්වහන්සේ පවසන්නේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ දකින ගැටලු මොනවාදැයි ඔහු විමසු අතර ආන්දෝලනයකට තුඩුදී ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳවත් ඉන් රටේ ආගමට, සංස්කෘතියට වදින පහර දැවැන්ත බවත් ඇල්ලේ ගුණවංශ හිමියන් මෙහිදී ජනාධිපතිවරයාට පැහැදිලි කර තිබෙනවා.

පාසල්වල ගුරු පුරප්පාඩු, දරුවන්ගේ සංයුතිය, ප්‍රවාහන පහසුකම් ඇතුළු කරුණු ගණනාවක් මෙහිදි සාකච්ඡා කළ බව ද උන්වහන්සේ පවසනවා.

උන්වහන්සේගේ වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් රටේ සාරධර්ම එමෙන් ම බුදු දහමට වදින මරු පහර පිළිබඳව තමන් වහන්සේ දිගින් දිගට ම ජනාධිපතිවරයාට කරුණු පෙන්වා දුන් බවයි.

Latest News

error: Content is protected !!