‘මෙවර උණ්ඩයට ඉලක්කය මඟ හැරෙන්නේ නැහැ..’ ඉරානය ට්‍රම්ප්ට මරණ තර්ජන යවයි

ඉරානයට ඇමරිකානු ප්‍රහාරයක් එල්ල වන බවට විශාල රාවයක් පැතිර යන අතරේ ඉරානය රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් ඔස්සේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මරණ තර්ජනයක් එල්ල කර තිබෙනවා.

ඒ 2024 වසරේ බට්ලර් හි පැවති මැතිවරණ රැළියක් අතරතුර ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ඡායාරූපයක් පළ කරමිනි.

එම ඡායාරූපය පෙන්වමින් “මෙවර උණ්ඩයට ඉලක්කය මඟ හැරෙන්නේ නැහැ” යනුවෙන් මෙම තර්ජනය සිදු කර තිබෙනවා.

එම පණිවුඩය පර්සියානු භාෂාවෙන් සඳහන් වූ බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මේ වන විට අමෙරිකානු බලපෑම හමුවේ ඉරානය විරෝධතාකරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියා කිරීමේ සැලසුම නතර කර ඇති බව වාර්තා වෙනවා.

ඊයේ (14) දිනයේ දී ඩොන්ල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඔහුගේ Truth Social ගිණුම ඔස්සේ සටහනක් තබමින් ‘අමෙරිකාවේ උදව් ලැබෙමින් පවතිනවා’ යැයි ප්‍රකාශ කිරීම තුළ අමෙරිකාවෙන් ටෙහෙරනයට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට දැවැන්ත ප්‍රචාරයක් මතු වුණා. ඉරානය ඊයේ (14) විරෝධතාකරුවන්ට එරෙහිව පළමු මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන බවට වාර්තා පළ වුවත් ට්‍රම්ප්ගේ තර්ජනය සමඟ එම සැලසුම තාවකාලිකව නතර කර තිබෙනවා.

මේ අතර ඉරාන ඉස්ලාමීය පාලන තන්ත්‍රය බලයෙන් පහ කිරීම සඳහා වන සාකච්ඡා ද අමෙරිකාව තුළ අඛණ්ඩව සිදුවෙමින් පවතී.

ඉරානයේ උත්සන්න වන විරෝධතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ධවල මන්දිර නියෝජිත ස්ටීව් විට්කොෆ් සති අන්තයේ පිටුවහල් කරන ලද ඉරාන ඔටුන්න හිමි කුමරු රේසා පහ්ලවි සමඟ රහසිගතව හමුවූ බව වාර්තාවල දැක්වෙනවා.

Latest News

error: Content is protected !!