සමලිංගික වෙබ් අඩවි ඇතුළත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හකුළා ගෙන ඇති බව ඉන්දීය මාධ්‍යවලත් ප්‍රධාන පුවතක් වෙයි…

සමලිංගික වෙබ් අඩවි සඳහා ප්‍රවේශ වීමේ ලින්ක් ඇතුළත් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීමට පියවර ගෙන ඇති බව ඉන්දියාවේ ‘ First Post’ ප්‍රවෘත්ති නාලිකාව වාර්තා කර තිබෙනවා.

එම පුවතින් පෙන්වා දෙන්නේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට සමලිංගික වෙබ් අඩවි ඇතුළත් කිරීම හේතුවෙන් දෙමවිපියන් හා සමාජ ක්‍රියාකාරින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වීම හමුවේ රජය ප්‍රතිසංස්කරණ 2027 වසර දක්වා කල් දැමීමට පියවර ගෙන ඇති බවයි.

විරෝධයට හේතු වූ වැඩිහිටි අන්තර්ගතයන් ඇතුළත් කර ඇත්තේ ඉංග්‍රීසි භාෂාවට අදාළ විෂය නිර්දේශයේ බවද එහි සඳහන්ය.

බලධාරින් මේ වන විට ශ්‍රී ලංකාව තුළ අදාළ වෙබ් අඩවියට පිවිසීම තහනම් කර ඇති අතර එම ලින්ක් පෙළ පොත්වලට ඇතුළත් කිරීම පිළිබඳ අපරාධ විමර්ශනයක් ද මේවන විට ආරම්භ කර ඇති බවයි එහි සඳහන් වෙන්නේ.

අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන අමාත්‍යවරියද වන හරිනි අමරසූරිය ධුරයෙන් ඉවත් විය යුතු බවට බලපෑම් එල්ල වෙමින් පවතින බව ද එහි දැක්වෙනවා.

Gay Website in School Syllabus Forces Sri Lanka to Delay Education Reforms | Firstpost

Sri Lanka has postponed major education reforms after a controversial link appeared in a Grade Six English syllabus, triggering protests and political backlash. The link directed students to a paid online chat platform for gay men, sparking outrage in the socially conservative country.

Authorities removed the link, blocked the website, and launched a criminal investigation. The reforms have now been delayed until 2027. Opposition parties are seeking a no-confidence vote against the prime minister, who also serves as education minister. The controversy has also renewed debate over colonial-era laws, governance, and public trust.

Latest News

error: Content is protected !!