විවිධ අණපනත් නීති ඉදිරියට දමමින් වත්මන් ආණ්ඩුව බෞද්ධ භික්ෂූන් දඩයමකට සූදානම් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
හික්ෂූන් සම්බන්ධ යම් විවේචනයක් පවතින්නේ නම් එය සංඝ සභාවන් මඟින් අභ්‍යන්තරයේ විසඳාගත යුතු තත්ත්වයක් බවයි ඔහු පවසන්නේ.
මේ ආණ්ඩුව හිතාමතා භික්ෂූන් වහන්සේලා ඉලක්ක කරමින් යම් මර්දනයක් කිරීමට උත්සහ කරමින් සිටින බවද ඔහු පෙන්වා දෙනවා.
විශේෂයෙන් පසුගිය දා ලාල්කාන්‍ත අමාත්‍යවරයා සිදු කළ ‘මිහින්තලේ වනචාරියා’ යන ප්‍රකාශයට යටින් ඊටත් වඩා බැරෑරුම් ප්‍රකාශයක් සමස්ත භික්ෂූන් අරබයා සිදු කළ බවයි ඔහු පවසන්නේ.
එනම් පන්සල යනු පිරිමින් සිටින තැනක්. ඔවුන්ට ගැහැණුන් සමඟ ඇරියස් එකක් පවතින බවට ඔහු කළ ප්‍රකාශයයි.
එවැනි කතාවක් සමස්ත හික්ෂූන් වහන්සේලාට අදාළ කිරීමට ඔහුට ඇති අයිතිය කුමක්දැයි ඔහු විමසා සිටියා.
ලාල්කාන්ත මහතා කළ ප්‍රකාශය වෙනත් ආගමක පූජකවරයෙක් එල්ල කර ප්‍රකාශ කළේ නම් අනුර කුමාර ජනාධිපතිවරයා හෝ නලින්ද ජයතිස්ස මහතා විසින් එය වහන්න එන්නේ නැති බවද ඔහු ප්‍රකාශ කරනවා.
ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීමේ දී පවා එහි නීතිමය ප්‍රශ්නයක් පවතී නම් එය විසඳාගත යුතු ක්‍රමයක් පවතින බව ඔහු අවධාරණය කර තිබෙනවා.
එසේ නොමැතිව භික්ෂූන්ට පොලිසිය ලවා පහරදුන් බවත් මෙම සියකු ක්‍රියාවන් පිටුපස අනුර කුමාර ජනාධිපතිවරයා පහර දෙන්නේ ලක්ෂ 150 ක් වන බෞද්ධයාගේ හදවතට බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
පාඨලී චම්පික රණවක මේ බව සඳහන් කළේ එක්සත් ජනරජ පෙරමුණෙහි මාධ්‍ය සාකච්ඡාවකට සම්බන්ධ වෙමිනි.
