ආදායම ඇමරිකාවේ ගිණුම්වලට..
වෙනිසියුලාවේ ජනාධිපති නිකලොස් මධුරෝ අල්ලා ගැනීමෙන් අනතුරුව අමෙරිකාව වෙනිසියුලාවේ පළමු තෙල් අලෙවිය සිදු කර ඇති බව ජ්‍යාත්‍යන්‍තර මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබෙනවා.
ෆොක්ස් නිවුස් වාර්තා කර ඇත්‍තේ ට්‍රම්ප් පරිපාලන නිලධාරියෙක් බදාදා තහවුරු කළ ආකාරයට අලෙවි කරන ලද තෙල් තොගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් බවයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් දා, වෙනිසියුලාවේ අන්තර්කාලීන බලධාරීන් විසින් අනුමත කරන ලද තෙල් බැරල් මිලියන 30 ත් 50 ත් අතර ප්‍රමාණයක් එක්සත් ජනපදයට භාර දෙන බව සඳහන් කර තිබුණා.
වත්මන් වෙළඳපල මිල ගණන් අනුව එහි වටිනාකම ඩොලර් බිලියන 2.8 ක් පමණ වන බවයි පැවසුණේ.
ඉන්පසුව බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් පැවසුවේ එක්සත් ජනපද රජය තෙල් විකිණීම අධීක්ෂණය කරන බවත්, එයින් ලැබෙන ආදායම වොෂින්ටනය විසින් පාලනය කරනු ලබන ගිණුම්වලට තැන්පත් කරන බවත්ය.
ඉදිරි දින සහ සතිවලදී අමතර විකුණුම් අපේක්ෂා කෙරෙන බවද සඳහන් වුණා.
නිකොලස් මධුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු, ජනාධිපති ට්‍රම්ප් වෙනිසියුලාව සමඟ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට අත්සන් තැබූ අතර එය ඇමරිකානු සහ වෙනිසියුලානු ජනතාවට ප්‍රයෝජනවත් ගිවිසුමක් බවයි ධවල මන්දිරය ප්‍රකාශ කළේ.
පළමු තෙල් අලෙවිය සිදු වන්නේ මෙම ගිවිසුමේ කොටසක් ලෙසයි.
