හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට සමලිංගික වෙබ් අඩවියක නාමයක් (සබැඳියක්) ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානීන් ඇතුළු 6 දෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරගෙන තිබෙනවා.
එම පිරිසට ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු අංශය මොඩියුල ලියන ලේඛකයන් ඒවා සමාලෝචනය කරන සංස්කරණය සහ සෝදුපත් කියවන නිලධරීන් ද ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව සහ ජාතික අධ්‍යාපන ආයතනයේ මොඩියුල ක්‍රියාවලිය සම්බන්ධයෙන් මූලික විමර්ශන පවත්වන රංජිත් ආරියරත්න කමිටුවේ වාර්තාව බොහෝදුරට ලබන සතියේදී භාරදීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්නගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු පැවසුවේ ජාතික අධ්‍යාපනායතනයේ මොඩියුල ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා විද්වත් මණ්ඩලයක උපදෙස් ලබාගනිමින් සිටින බවයි.
මොඩියුල සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් පසු ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් මංජුලා විදානපතිරණ මහත්මිය ඉල්ලා අස් වුණා.
ඇයට පැවරී තිබුණේ පරිපාලන රාජකාරියක් බැවින් ඇයගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමේ අවශ්‍යතාවක් නැති බවද එම ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.
