දකුණේවත් නැති නිදහකින් උතුරේ ජොගින් යන ජනාධිපතිවරයා… “නාන් පොයිට්ටු වාරේ” තමයි.. ආරක්ෂාව බින්දුවයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ දිනවල නිරත වී සිටින යාපනය සංචාරය අතරතුර ඔහුගේ වීඩියොවක් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙමින් පවතී.

එම වීඩියෝවේ සටහන් වී ඇත්තේ ජනාධිපතිවරයා ජොගින් යන අවස්ථාවකි. ඒ මොහොතේ ඔහු ආරක්ෂාවට එක් හමුදා නිලධාරියකු ගමන් ගන්නා ආකාරය දැකගත හැකි වන අතර පසුපසින් තවත් හමුදා නිලධාරියකු පැමිණෙන අතර ජනාධිපතිවරයා ගමන් ගන්නේ ඉතාම සීමිත ආරක්ෂාවක් සහිතව බවයි පෙනී යන්නේ.

ඔහු ගමන් කරන අතර එම වීඩියෝව සටහන් කරගන්නා පුද්ගලායාට සිනා සී “නාන් පොයිට්ටු වාරේ” එනම් ගිහින් එන්නම් යැයි කියන ආකාරය ද අදාල වීඩියෝ පටයේ සටහන් වී තිබෙනවා.

කෙසේ වෙතත් එම වීඩියෝ පටයේ දැකගත හැකි වන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවවරයා දකුණේදීටත් වඩා නිදහසේ උතුරේ ඇවිද යන ආකාරයයි. එම වීඩියෝවට අනුව නම් ජනපති අනුරගේ ආරක්ෂාව බින්දුවටත් අඩු බව හොඳින් බැලුවොත් නිරීක්ෂණය කර ගත හැකිය. ජනපති අනුරගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අප විවිධ අවස්ථාවල පෙන්වා දී ඇති අතර සන්නද්ධ සේවාවන්හි සේනාධි නායකයා ලෙසත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ඉහළම ප්‍රධානියා ලෙසත් ඔහුගේ ආරක්ෂාව වැඩි කළ යුතු බව අප පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් මෙතැනදී දකුණේ දී තරම්වත් ආරක්ෂාවක් නොමැතිව ගමන් කරන බව පැහැදිලිවම දක්නට ලැබෙනවා.

මේ අතර සමාජ මාධ්‍යතුළ මෙම වීඩියෝවට විශාල ප්‍රතිචාර ලැබෙමින් ඇති ආකාරයද දැක ගත හැකියි. කමෙන්ට්ස් තීරුවල දක්නට ලැබෙන්නේ “අනේ පරිස්සමෙන් සර්, කොහොමද ගැම්ම” වැනි කමෙන්ට්ස්ය.

“හොරා නිදහස් නොකළා නම් ඔහොම නිදහසේ ඇවිදගෙන යයි”, මහින්ද මහත්තයට පින් සිද්ධ වෙන්නනේ” වැනි කමෙන්ට්ස් ද රාශියක් එයට වැටී තිබෙනවා.

Latest News

error: Content is protected !!