ක්‍රියාත්මක කළා නම් මාස තුනෙන් කඩාගෙන වැටෙනවා..
වර්තමාන ආණ්ඩුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන්න ශක්තියක් නැති බව සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (15 දා) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසා තිබෙනවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැරැදි නිසා එය හකුළුවා ගැනීමට ආණ්ඩුව කටයුතු කළ අතර එසේ නොකළත් මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ ප්‍රතිසංසකරණ කඩා වැටීමට ඉඩ තිබූ බව මුජිබර් මෙහිදී පෙන්වා දුන්නේ.
ඒ නව විෂය මාලා හඳුන්වා දී ඇත්තේ වසරකට නොව මාසතුනක් වැනි කෙටි කාල සීමාවකට බව පවසමිනි. ගුරුවරුන්ට ගුරු පුහුණුව ලබා දී ඇත්තේ මාස තුනක් වැනි කෙටි කාලයකට පමණක් බවත් ඉන් එහාට ගත යුතු පියවර අවම වශයෙන් ආණ්ඩුවවත් දැන නොසිටි බවයි ඔහු කියා සිටියේ.
එහිදී එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දැක්වමින් මෙසේ කියා සිටියා.
“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින ප්‍රායෝගික අත්දැකීම් තිබෙන ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබා ගන්නැයි විපක්ෂය ආණ්ඩුවට ප්‍රකාශ කළා. නමුත් එලෙස කටයුතු කරන්න ආණ්ඩුව කටයුතු කළේ නැහැ. තමන්ගේ දේශපාලන රාමුව තුළ සිටින පිරිස සමඟ පමණක් සාකච්ඡා කර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නයි ආණ්ඩුව උත්සහ කළේ. ඒ වගේම අධ්‍යාපනය දැනුම මත කේන්ද්‍රගත වුණ ප්‍රතිසංස්කරණ බවට පත්විය යුතුයි. ඒ වගේම ලෝකයේ සිදුවන තාක්ෂණික වෙනස්කම් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිටින සියලුම දරුවන්ට ලැබිය යුතුයි. ඒ නිසයි සෑම ආණ්ඩුවක්ම වසර 8 න් 8 ට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ වගකීම භාරගත්තේ.
කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය ඔවුන්ගේ හිතවතුන් සමඟ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ගොස් විශාල ප්‍රශ්නයක් ඇති කරගෙන තිබෙනවා. ඒ වගේම ආණ්ඩුව විසින් ඇති කරගත් ප්‍රශ්නය විසඳාගැනීමට නොහැකිව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වසරකින් කල්දැමීමට සිදුවුණා. ඒ වගේම විපක්ෂය නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණ බව ආණ්ඩුව චෝදනා එල්ල කරනවා. එය සම්පුර්ණයෙන්ම අසත්‍යයක්. ආණ්ඩුවේ තිබුණ නොහැකියාව නිසයි මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී විනිවිද භාවයකින් ක්‍රියාත්මක කර තිබුණානම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට හැකියාව තිබුණා.
විෂයමාලා ප්‍රතිසංස්කරණ සකස් කර තිබෙන්නේ වසරකට නොවෙයි මාස තුනක කාලයකට පමණයි. ගුරුවරුන්ට අත්පොත් ලබාදී තිබෙන්නෙත් මාස තුනකට අධ්‍යාපනය ලබාදීම සඳහා පමණයි. ඒ වගේම මාස තුනකට ගුරු අත්පොත් සකස් කර නැහැ. ගුරුවරුන්ට ලබාදෙන අත්පොත් මාස තුනකට සකස් කරන්න කිසිදු ආණ්ඩුවක් මීට පෙර කටයුතු කරලා නැහැ. ඒ වගේම ගුරුවරු පුහුණු කරලා තිබෙන්නෙත් මාස තුනක කාලයක් සඳහා පමණයි. මෙවැනි තත්ත්වවක් තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වසරක කාලයක් ක්‍රියාත්මක කිරීම ප්‍රශ්නයක්. ඒ නිසා කෙසේ හෝ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැත්විය යුතුයි. මාස තුනකින් පසුව සිදුකළ යුතු දේ පිළිබඳව ගුරුවරු පුහුණු කරලත් නැහැ. ගුරුවරුන්ට අත්පොත් ලබාදීලත් නැහැ. කෙසේ නමුත් වසරක කාලයකට විෂය මාලා ප්‍රතිසංස්කරණය සිදුවෙලා නැහැ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවෙලා තිබෙන්නේ මූලික මාස තුන සඳහා පමණයි. දෙවැනි වාරය සඳහා දරුවන්ට ලබාදෙන්න මොඩියුල සකස් කරලා නැහැ. මූලික සැලැස්මක්වත් නැතිව ආරම්භ කළ ප්‍රතිසංස්කරණ බව මෙයින් පැහැදිලි වෙනවා.”
