ආනගත ලෝකය තුළ වෛද්‍ය විද්‍යාල නිෂ්ඵල වනු ඇති බවට ප්‍රකෝටිපතියකු වන ඊලොන් මස්ක් මෑතකදී පැවසුවේ වෛද්‍ය විද්‍යාවේ අනාගතය පිළිබඳ බරපතල අවිනිශ්චිතතාවයක් මතු කරමිනි.
මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කරමින් මස්ක් සඳහන් කළේ AI බලයෙන් ක්‍රියාත්මක වන රොබෝවරු වසර තුනක් ඇතුළත ලොව විශිෂ්ටතම මිනිස් වෛද්‍යවරුන් අභිබවා යනු ඇති බවයි. ඒ අනුව ඉදිරියේ දී ශල්‍ය කර්ම, සැත්කම් සඳහා පවා දියුණු මානවරූපී රෝබෝවරුන්ගේ සහාය ලබා ගනු ඇති බවත් වෛද්‍යවරුන්ගේ සේවා අවලංගු වී යනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙම මතය සමඟ අනාගත වෛද්‍ය වෘත්තිකයන්ගේ වලංගු භාවය පිළිබඳ බරපතල කණස්සලක් මතු කර තිබෙනවා.
පීටර් ඩයමන්ඩිස් විසින් මෙහෙයවනු ලබන Moonshots පොඩ්කාස්ට් එකට කතා කරමින් මස්ක් තර්ක කළේ මිනිස් වෛද්‍යවරුන් පුහුණුව මන්දගාමී බවත්, දෝෂ වලට ගොදුරු විය හැකි බවත්, මූලික වශයෙන් සීමිත බවත්ය.
“දැන් වෛද්‍යවරුන්ගේ සහ විශිෂ්ට ශල්‍ය වෛද්‍යවරුන්ගේ හිඟයක් තිබෙනවා” යැයි ද මස්ක් එහිදී පෙන්වා දී තිබෙනවා.
