යුරෝපා හමුදා ග්‍රීන්ලන්තයට ළඟා වේ

ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තයේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ඒකාබද්ධ යුධ අභ්‍යාස සඳහා යුරෝපා හමුදා සෙබළු මේ වන විට ග්‍රීන්ලන්තයට ළඟා වී ඇතැයි වාර්තා වෙනවා.

එක්සත් ජනපද ජනාධිපතිවරයා ග්‍රීන්ලන්තය අමෙරිකාවට අත්‍යාවශ්‍යම කොටසක් ලෙස අවධාරණය කිරීම හේතුවෙන් ආක්ටික් කලාපය තුළ මේ වන විට පවතින්නේ දැඩි යුධ උණුසුමකි.

ධවල මන්දිරය ප්‍රකාශ කරන ආකාරයට ග්‍රීන්ලන්තය චීනය හෝ රුසියාවේ ආධිපත්‍යයට නතු වුවහොත් අමෙරිකාව එය බරපතල තර්ජනයක් ලෙස සලකයි.

කෙසේ වෙතත් දැනට සම්බන්ධ වී සිටින යුරෝපීය හමුදා සංඛ්‍යාව ඉතා කුඩා වන අතර බොහෝ දුරට සංකේතාත්මක බවයි පැවසෙන්නේ. නමුත් අනාගතයේදී එය වෙනස් විය හැකි බවට මත පළවෙමින් තිබෙනවා.

මෙය NATO සම්බන්ධතාව තුළ සිදු වන අත්හදා බැලීමකි.

මෙම හමුදා කණ්ඩයට ප්‍රංශ හමුදා සෙබළු 15 ක් ඇතුළත්ය. ජර්මානු සන්නද්ධ හමුදා 13 දෙනෙකුගෙන් යුත් ඔත්තු බැලීමේ කණ්ඩායමක්, නෝර්වේ සෙබළුන් 2 ක්, ස්වීඩන සෙබළුන් 3 ක් එක්සත් රාජධානියේ සෙබළුන් 01 ක්, ෆින්ලන්තයේ සෙබළුන් 2 ක්, නෙදර්ලන්තයේ සෙබළුන් 01 ක් ඇතුළත් වන බව ද සඳහන්ය. ග්‍රීන්ලන්තය තුළ එක්සත් ජනපද හමුදාව් සාමාජිකයන් 150 දෙනෙකු සිටින බව වාර්තා වෙනවා.

Latest News

error: Content is protected !!