රටට අවශ්‍ය දියුණු සමාජීය පුරවැසියා බිහි කිරීමේ අධ්‍යාපන ක්‍රමවේදය කිසිසේත්ම නතර නොකරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසා තිබෙනවා.
සුළු පිරිසකගේ ප්‍රතිවිරෝධතාවන් හමුවේ එය ආපසු හැරවීමට සූදානම් නැති බවයි ඇය ප්‍රකාශ කළේ.
රජය මේ රට භාර ගන්නා විට පරිවර්තනීය වෙනසක් සිදු කළ යුතු ප්‍රධානතම ක්ෂේත්‍රයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයක් ලෙස ඉලක්ක ගත වූවකි.
එබැවින් ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති රාමුවක් තුළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන බව හරිනි අමසූරිය අවධාරණය කරනවා.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරි කටයුතු පිළිබඳ හලාවත අධ්‍යාපන කලාපයේ බලධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි.
වැරදි හඳුනාගෙන ඒවා නිරාකරණය කරමින් යන නව අධ්‍යාපන ක්‍රමවේදයේදී, ළමයාට තාක්ෂණය හඳුන්වා දීම, ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති සුරැකෙන සේ යම්කිසි රාමුවක් තුළ සිදුකළ යුතුය.
වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් වූ වැඩිම අයවැය මුදල් වෙන්කිරීම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සිදුවුණා.
පාසල් අතර පවතින ඩිජිටල් අසමානතාවය හා යටිතල පහසුකම් ගැටලු තුරන් කිරීම සඳහා ද මේ වනවිට අදාළ ව්‍යාපෘතීන් ක්‍රියාවට නැංවෙමින් පවතින බව ඇය සඳහන් කර සිටියා.
6 වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තාවකාලිකව අත්හිටුවීම මගින් අසාධාරණයට ලක්වූ සිසුන් හට ඉක්මනින්ම සාධාරණයක් ඉටුකිරීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.
