පොලිසියෙත් බැලුන් තිබිලා අනෙක් වාහනයේ රියදුරු තමයි බීලා ඉඳලා තියෙන්නේ
හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ බිරිඳ ඊයේ (16) රාත්‍රියේ සිදුවූ මෝටර් රථ අනතුරකින් පසු රෝහල් ගත කර තිබෙනවා.
කැලණිය – බියගම මාර්ගයේ ඔහුගේ නිවස ආසන්නයේම මෙම අනතුර සිදුවී ඇති අතර කැලණිය දෙස සිට පැමිණි මෝටර් රථයක ඇය ගමන් කළ රථය ගැටී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පොලිසිය මීට පෙර රන්වලගේ කැබ් රථය ගැටුණු අවස්ථාවට වඩා යුහුසුළුව ක්‍රියාත්මක වී අනතුරටල ලක් වූ අනෙක් වාහනයේ සිටි රියදුරු මත්පැන් පානය කර සිට ඇති බව තහවුරු කරගෙන තිබෙනවා.
එම රියදුරු කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස ද හඳුනාගෙන තිබෙනවා.
ගැටුමෙන් තුවාල ලැබූ අශෝක රන්වල මහතාගේ බිරිඳ මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.
බියගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන බව ද වැඩිදුරටත් සඳහන්ය.
