මේ මොහොතේ ටෙක්සාස් සිට වොෂින්ටනයේ ධවල මන්දිරය තෙක් ගමන් කරන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ පාගමන දෙස මුළු ලෝකයම බලාගෙන සිටී.
මේ ගමන පුරාවට සැතපුම් 2300ක් දුර පයින් ගමන් කරන උන්වහන්සේලාගේ එකම අරමුණ වන්නේ සාමයයි. මුළු මහත් ලෝක වාසීන් වෙනුවෙන් සාමය, සුවය, අනුකම්පාව ලබා ගැනීමයි.
මේ වන විට අධිපතිවාදී හා ආක්‍රමණශීලී බල ව්‍යාපෘතිකට අත ගසා සිටින අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයට බලපෑම් කිරීම උන්වහන්සේලාගේ ඉලක්කය වී තිබෙනවා.
ගමන ආරම්භ වූයේ ඔක්තෝබර් 26 වැනිදා වන අතර අවසන් වීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 12 වැනිදාය. බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ සාම පාද චාරිකාවට අමෙරිකානුවන් අති බහුතරයකගෙන් ආශිර්වාදය ලැබෙමින් පවතී.
එහෙත් මේ වන විටත් රටවල් බර ගණනාවකට වීසා නිකුත් කිරීම තහනම් කර ඇති ට්‍රම්ප්, බෞද්ධ භික්ෂූන් වහන්සේලා වන ඔබට අපගේ වොෂින්ටන් නගරයට ඇතුළු වීමට නොහැකි බවට වන ප්‍රකාශයක් හෝ නිවේදනයක් කර ඇති බවක් වාර්තා වන්නේ නැහැ. වනචාරීන් ටිකක් මා නතර කරන්නට පාගමනක් එනවා යැයි ප්‍රකාශ කර ද නැහැ.
අපගේ ජනාධිපතිවරයා, යාපනයට ගොස් බෞද්ධයන්ට සිල්ගැනීමට එහි ඇතුළු විය නොහැකි බව හැඟවෙන ප්‍රකාශයක් කරන්නේ එවැනි පසුබිමකය.
“අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය පහුකරගෙන යාපනේ පූජනීය ස්ථානයකට එනවා.. ශිලයට නෙවෙයි වෛරයට අපේ හාමුදුරුවනේ”
මෙතැනදී ඔහු සුවහසක් බෞද්ධයින්ට දෙන පණිවිඩය මෙයයි. එනම්, ගන්න සීලයක් දකුණේ දී ගනිල්ලා.. උතුරට එන්න හිතන්නවත් එපා යන්නයි.
මෙය නම් පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධනගේ ඉඳලා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා දක්වා කිසිදු විධායක ජනාධිපතිවරයෙක් සිදු නොකළ ආකාරයේ ජාතිවාදි ප්‍රකාශයකි.
අඩුම තරමේ නාමික බෞද්ධයෙකු යැයි ඔහුගේ දේශපාලන ඉතිහාසය පුරා හංවඩු ගැසූ, විවේචන එල්ල කරමින් හිස ගසා දැමූ රනිල් වික්‍රමසිංහ පවා බෞද්ධයින් ඉලක්ක කර ප්‍රකාශ නොකළ ආකාරයේ නරුම දරුණු ප්‍රකාශයකි.
ජනාධිපතිවරායාගේ ප්‍රකාශය අනුව ලාංකික බෞද්ධයින් යාපනයට මතු නොව දඹදිවට නේපාලයට තායිලන්තයට පවා යන්නේ වෛරය වැපරීමටයි.
උතුරේ මිනිස්සු නල්ලූර් කෝවිල පහුකරලා කතරගම දෙවියන් වැඳ පුදාගන්න යන්නේ වෛරය නිසාය.
මුස්ලිම්වරුන් සිය ධනය වත්කම් ඥාතීන්ට පවරා යළි නොඑන බලාපොරොත්තු ඇතිව මක්කම යන්නෙත් වෛරය නිසාය.
ආගම යනු සහජීවනයයි. රට කොටස් අටකට හෝ නවයකට බෙදා ඒ එක කොටසක් එක ආගමකට පමණක් වන සේ කොටස් කර කෑලි කර දේපළ වෙළඳාම් ක්‍රමයට ආගම් ඇදහිය නොහැකිය. සහජීවනයෙන් යුතුව ජීවත් වීමටද නොහැකිය.
රටේ සෑම අස්සක් මුල්ලක්ම සෑම ආගමකට දහමකටම, ජාතියකටම පොදු විය යුතුය.
ඒ අනුවත් මේ ප්‍රකාශය ජනාධිපතිවරයෙක් විදියට ප්‍රකාශ නොකළ යුතු, වත්මන් ජනපති අනුරගේ මුවින් ප්‍රකාශ වේයැයි කිසිසේත් අපේක්ෂා නොකළ වර්ගයේ කතාවකි.
ඔහු බලය ලබා ගත් ජනාධිපතිවරණයේ දී බෞද්ධයින්ගේ සියලු අයිතීන් සුරකින බවට සඵත වුණේය. දළඳා පෙරහැර නතර කරන්නේ නැති බවට දිව්රුවේය. ඔහුට එසේ කරන්නට සිදු වුණේ ඒ වන විට විපක්ෂය ජවිපෙ ආවොත් බුදු දහම විනාශ කරයි යන ප්‍රබල මතයක් වපුරමින් සිටි නිසා වන අතර ජනාධිපති පුටුව දක්වා ගමනට එයින් ලොකු බලපෑමක් සිදුවීමට ගිය නිසාය. ඒ සියලු පොරොන්දු බල අරගලය වෙනුවෙන් සිදු කළ නිකන්ම නිකන් හිස් ප්‍රකාශ පමණක් වී ඇත.
එසේ නම් සිය දේශපාලන අනාගතයට පාර කපා ගැනීම වෙනුවෙන් නාමල් රාජපක්ෂලා ප්‍රමුඛ ඇතැම් බලවේග ජාතිවාදය අවුස්සන බවට කරන ප්‍රකාශවලින් මේ ප්‍රකාශය කිසිසේත්ම වෙනස් වන්නේ නැත.
රටක සුළුතර ජාතිය බහුතර ජාතියෙන් වෙනස් කොට සැලකිය යුතු නොවන්නා සේම බහුතරය සුළුතරයෙන් ද වෙනස් නොවිය යුතුය.
නාමල්ලා ජාතිවාදය අවුස්සනවා නම් අනුරලා කරමින් ඉන්නේ අවිලෙන පිදුරුවලට භූමිතෙල් දැමීමයි.
ආගම යනු තක්කඩියන්ගේ අවසාන නවාතැන්පළ බව පුන පුනා කී නායකයෙක් එම අවසන් නවාතැන්පොළට ළඟා වීම මේ මොහොතේ ඇති භයානකම තත්ත්වයයි.
ජනපති අනුර මෙම භයානක ප්‍රකාශය කළේ ඊයේ යාපනයේ සිට නොව තක්කඩියාගේ නවතැන්පොළේ සිටය.
පිරිසිදු, අවංක, රටට ආදරේ කරන, අදුෂිත මිනිසෙකුගේ සිට තක්කඩියකු දක්වා පරිවර්තනය වීමට පවා ඔහු සූදානම් බව මේ කියමනෙන් තහවුරු වෙයි.
මෙය තනිකරම ජාතිවාදී ප්‍රකාශයකි. භයානක ප්‍රකාශයකි. වෛරය වපුරන ප්‍රකාශයකි. සිංහල බෞද්ධයන් බියවද්දන ප්‍රකාශයකි. ඔවුන් අවුස්සන ප්‍රකාශයකි. මහා විනාශයකට පාර කපන ප්‍රකාශයකි.
එපමණයි….
