ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අනුව ලොව දෙවැනි ධනවත්ම රට බවට සිංගප්පූරුව පත්ව තිබෙනවා.
ඒ බ්‍රිතාන්‍ය ප්‍රකාශනයක් වන The Economist විසින් මෑතකදී ප්‍රකාශයට පත් කළ ශ්‍රේණිගත කිරීමකට අනුවයි.
සිංගප්පූරුවේ ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 97,000ක් වන අතර එය දෙවැනි වූයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 100,000ක් වූ ස්විස්ටර්ලන්තයට පමණි. මෙම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඩොලර් 86,800 ක් ලබා තුන්වන ස්ථානයේ පසුවන්නේ නෝර්වේය.
මෙය සිංගප්පූරුව ආර්ථික වශයෙන් ගෝලීය වශයෙන් බලවත් කර ඇති අතර විශේෂයෙන් ආසියාව තුළ ඔවුන්ගේ ආර්ථික බලය කැපී පෙනෙන අවස්ථාවකි.
මෙය ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනයෙන් පමණක් වන අතර සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් ලෝකයේ පළමු හා දෙවැනි පොහොසත්ම රටවල් දෙක අතර පසුවන්නේ පිළිවෙලින් ඇමරිකාව සහ චීනයයි.
එහෙත් එක් පුද්ගලයෙකු වැඩ කරන කරන පැය ගණන සැලකිල්ලට ගත් විට සිංගප්පූරුව සිටින්නේ පහළිනි. එම ශ්‍රේණිගත කිරීම්වල නෝර්වේ ඉහළින්ම සිටිනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනුව, නෝර්වේහි සේවකයින් වසරකට සාමාන්‍යයෙන් සතියකට පැය 33.2 ක් සේවය කරන බවයි පැවසෙන්නේ. කටාර් සහ ඩෙන්මාර්කය දෙවන ස්ථානයේ පසු වෙනවා. සිංගප්පූරුව පසුවන්නේ නෙදර්ලන්තයට පිටුපසින් අටවන ස්ථානයේය.
මිනිස්බල අමාත්‍යාංශයේ දත්ත වලට අනුව, 2024 දී සිංගප්පූරුවේ සේවකයින් සතියකට සාමාන්‍යයෙන් පැය 43.3 ක් වැඩ කරන බව සඳහන්ය.
