ජනාධිපති හොඳ වෙලාවට චොපර් එකේ ගියේ.. පාරෙන් ගියා නම් ශ්‍රී මහා බෝධියත් වැඳගෙන යන්න වෙන්නේ.. නාමල්

“87-88 සෙල්ලම් දාන්න ලෑස්ති වෙන්න එපා.. එදා මහින්ද රාජපක්ෂ හිටියා.. අද නාමල් රාජපක්ෂ ඉන්නවා.. එදා මගේ තාත්තා දුක් විඳලා කැපවීමෙන් ලබා දුන්නු නිදහස අද යාපනේට ගිහින් අනුර කුමාර ජනාධිපතිවරයා භුක්ති විඳින හැටි මම සතුටෙන් බලාගෙන ඉන්නවා..”

පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ මහතා එසේ සඳහන් කළේ ඊයේ (17) අනුරාධපුර තඹුත්තේගම පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන රැලියට සහභාගී වෙමිනි.

එමෙන්ම ඔහු එහිදී ආණ්ඩුවේ මර්දනයට තමා සූදානම් බව ද කියා සිටියා. “ආණ්ඩුවේ මර්දනයට නම් අපිව නවත්තන්න බැහැ. සිරගෙවල් පෙන්නලත් අපිව නවත්තන්න බැහැ. කොඩි කණුවක් ගලවලත් අපිව නවත්වන්න බැහැ. ඒ නිසා ඔබේ මර්දනය ඔබ තියාගන්න. 88-89 සෙල්ලම් දාන්න ලෑස්ති වෙන්න එපා”

ඔහු එම රැළිය අතරතුර තවදුරටත් මෙසේ සඳහන් කර සිටියා.

“ජනාධිපතිතුමා චොපර් එකේ යන්න ඕන. එයා යන්නේ නැහැ කිව්වට අපි මොකද කරන්නේ? පාරෙන් ගියා නම් එයා ශ්‍රී මහා බෝධියත් වැඳගෙන තමයියන්න ඕන.”

Latest News

error: Content is protected !!