ඉරානය සමඟ ගණුදෙනු කරන රටවල් සඳහා එක්සත් ජනපදය 25%ක තිරුබදු පනවන බවට සිදුකළ තර්ජනය හමුවේ ඉරානය සමඟ තේ ගණුදෙනු සිදුකිරීම ශ්‍රී ලංකාවේ රජයේ තීරණය අනුව සිදු විය යුත්තක් බව ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් පවසා තිබෙනවා.
ඉරානය සමඟ වෙළඳාම් කරන රටවලට ඇමරිකා එක්සත් ජනපදය විසින් සියයට 25 ක අතිරේක තීරුබදු පැනවීමේ ඇති විය හැකි බව පසුගිය දා අමෙරිකා එක්සත් ජනපදය විසින් දැනුම් දුන් තීරණයකි.
දෙරට අතර ද්විපාර්ශවික සම්බන්ධතා එවැනි අනතුරු ඇඟවීමකට මුහුණ දීමට තරම් ශක්තිමත් බව තානාපතිවරයා පවසා තිබෙනවා.
කෙසේවෙතත් අවසාන තීරණය ශ්‍රී ලංකා රජය සතු වන බවයි ඔහු පවසා ඇත්තේ.
කොළඹ තානාපති නිවසේ මාධ්‍යවේදීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ ඉරානය සමඟ තේ ගණුදෙනු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්ද යන්න රජය පාර්ශවයෙන් ප්‍රශ්න කළ යුත්තක් බවයි.
ශ්‍රී ලංකාවේ තේ වල ප්‍රධාන ගැනුම්කරු ලෙස ඉරානය ශ්‍රී ලංකාවෙන් ආනයනය කිරීම දිගටම කරගෙන යන බව ඔහු මෙහිදී අවධාරණය කර තිබෙනවා.
“නමුත් ශ්‍රී ලංකා රජයේ තීරණය කුමක් වේදැයි මම දන්නේ නැහැ. ඉරානය වැනි විශාල රටවල් සමඟ ඇති ඉතා පැරණි සබඳතා පවත්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉතා විමසිලිමත් බව මට විශ්වාසයි.”
ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් ඉරානය සමඟ වෙළඳාම් කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි තෙවන රටවල් හරහාය.
ප්‍රමුඛ ආර්ථික විද්වතෙකු වන රොහාන් සමරජිව මහතාට අනුව මෙම බලපෑම නොතකා ඉරානය සමඟ ආර්ථික ගණුදෙනුවලට යාමෙන් විශාල ලෙස බලපෑම් එල්ල විය හැකිය.
ඔහු වැඩිදුරටත් අදහස් පළ කර ඇත්තේ මෙසේය.
“අපි ඉරානයට තේ විකුණනවා විය හැකිය. අපි ඉරානයෙන් පොහොර වැනි ද්‍රව්‍ය මිලදී ගන්නවා විය හැකිය. එහෙත් එය සිදුවන්නේ තුන්වැනි රටවල් හරහා. තේ අලෙවිය හරහා ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට කරන අපනයන සඳහා දැඩි තීරුබදු පැනවීමට හේතු විය හැකිය. මාස කිහිපයක් ඇතුළත, අපට පොහොර සඳහා වැඩි මුදලක් ගෙවීමට හෝ අතරමැදියන්ට තවදුරටත් ලාභ පොහොර ලබා ගත නොහැකි බැවින් හිඟයකට මුහුණ දීමට සිදු විය හැකිය. පාඩු සිදුවනු ඇත. වෙළඳාම ඉතා අවදානම් සහගත වනු ඇත”
