අනුර කියන ලිලීපුට්ටා පාගගෙන නැගී එන අනාගත දාර්ශනික නායකයා චම්පික.. නිර්මාල්ගෙන් විග්‍රහයක්

“අනුර ඔයාට ලොකු වැඩ කරන්න බැහැ. පුංචි පුංචි වැඩ කරගෙන ඉන්න, ලොකු වැඩ කරන්න හදන්න එපා. ඔයාලාට පුළුවන් කැඩුණු බෝක්කුවක් හදන්න තාප්පවල තීන්ත ගාන්න වගේ පොඩි වැඩ විතරයි”

මේ මෑතකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංසකරණය විවේචනය කරමින් පළ කර අදහසකි.

මෙම අදහස තුළ චම්පිකගේ දේශපාලන දර්ශනය, ඔහුගේ නැවත දේශපාලන ආගමනය ඔහුගේ අනාගත දේශපාලන දිශානතිය පිළිබඳ විශාල යටි අරුතක් ගැබ්ව ඇතැයි මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසනවා.

එහිදී ඔහු පෙන්වා දෙන්නේ චම්පික රණවක මෙරට සිටින ප්‍රමුඛ පෙළේ දේශපාලන බුද්ධිමතකු වන බවත් ඔහු අනාගතයේ මේ රටේ බලවත් දේශපාලන නායකත්වයක් ලෙස මතුවෙමින් පවතින බවකි.

චම්පික රණවක මහතා ඔහුගේ දේශපාලන ජීවිතයේ මුල් කාල සීමාවේ සංවර්ධනයේ තුන්වැනි යාමය යන ග්‍රන්ථයක් ලියමින් සංවර්ධනය ප්‍රතික්ෂේප කළ අයෙකි. එහෙත් ඔහු පසුගිය රජයන් තුළ දැරූ මෙගා පොලිස් අමාත්‍යාංශය වැනි කාර්යයන් සුවිසල් නගර යන සංකල්පය සමඟ බැඳී තිබුණකි. අනුරලා පුංචි පුංචි වැඩ කරනවා යනුවෙන් ඔහු මතු කිරීමට අදහස් කරන්නේ එයයි. සිංගප්පූරුව, ජකර්තා, ටෝකියෝ වැනි විශාල නගර බිහි කිරීමට දැනට ඉතිරිව සිටින එකම නායකයා තමා බව මතු කිරීමට චම්පික එම ප්‍රකාශය තුළින් උත්සහ ගෙන ඇතැයි නිර්මාල් දේවසිරි පෙන්වා දෙනවා.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක හා චම්පික රණවක අතරින් දර්ශනය හා බුද්ධිය පිළිබඳ සංවාදයක් පැවැත්වුවහොත් එයින් අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන්නේ චම්පික රණවක බව ඔහු පවසනවා.

කෙසේ වෙතත් ප්‍රායෝගික දේශපාලන තලයේ අනුර තවමත් ඉදිරියෙන් පසුවන බව ද ඔහු පෙන්වා දෙනවා.

ඔහුගේ යූටුබ් චැනලය ඔස්සේ නිර්මාල් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ දේශපාලන දාර්ශින්කයකු වන ප්ලේටෝ පවා පාලකයා දාර්ශින්කයකු විය යුතු බව පැවසූ බවයි. එනයින් ද චම්පික ඉදිරිකාල සීමාව තුළ ප්‍රබල ලෙස මතුවනු ඇති බව ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ ඉදිරියේ දී චම්පිකට විශාලතම අභියෝගය එල්ල වන්නේ නාමල් රාජපක්ෂගෙන් බවයි.

Latest News

error: Content is protected !!