මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (18) අලුයම ඔහු අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වන්නේ.
මියයන විට ඒ මහතා 63 වැනි වියේ පසු වුණා. ඔහුගේ දේශපාලන ගමන ආරම්භ වුණේ මේ වන විට පාලක බලය හිමි කරගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණෙනි. එම පක්ෂය නියෝජනය කරමින් පසු කලෙක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා වැඩබලන තැපැල් හා විදුලි සංදේශ සහ සංචාරක අමාත්‍ය ධුරය පවා දරනු ලැබුවා.
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පවා ඉදිරිපත් වූ ඔහු පසු කාලීනව විවිධ දේශපාලන හැල හැප්පීම් මත එම පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කර තිබුණා.
ඉන්පසුව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ ඒ මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ අතර එම පක්ෂය නියෝජනය කරමින් පානදුර නගර සභාවේ නගරාධිපති ධුරයටද පත් වුණා.
ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලනය තෝරා ගැනීම හා නිශ්චිත මොහොතක එම දේශපාලන මාර්ගය අත් හැරීම නිසා දේශපාලන ද්‍රෝහියකු ලෙස හංවඩු ගැසීම නිසා අවසාන කාල සීමාව තුල ඔහු සක්‍රීය දේශපාලනයේ නියැළුණේ අවම වශයෙනි.
එහෙත් ඔහු නියෝජනය කළ දේශපාලන බලය දශක හතරක් තරම් දීර්ඝ කාලයකට පසු බලය ලබා ගැනීම දැකීමට හා එහි ක්‍රියාකාරීත්වයට සාධනීය විවේචන ඉදිරිපත් කිරීමට ද පසුබට නොවීය.
