ජ.වි.පෙ මන්ත්‍රී වැටුප් ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් අදාළ මන්ත්‍රීවරුන්ගේ ගිණුම්වලට බැර කරන්නේද නැතිනම් නිශ්චිත ගිණුමකට බැර කරන්නේ ද යන්න පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පාර්ලිමේන්තුවෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා තිබෙනවා.

මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ ජාතික ජන බලවේගයේ පක්ෂ අරමුදල පිළිබඳ හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය.

ජාතික ජන බලවේගයේ සාමාජිකයින්ට මහජන අරමුදල්වලින් මාසිකව ගෙවන ගෙවීම් දේශපාලන අරමුණු සඳහා යොදාගන්නා බවත්, මෙය දූෂණයක් බවත් ඔහු සිය පැමිණිල්ලෙන් චෝදනා කර තිබෙනවා.

මෙය පසුගිය වසරේ සැප්තැම්බර් 21 වැනි දින ගම්මන්පිල විසින් ඉදිරිපත් කර තිබුණා.

පවතින නීතිමය විධිවිධාන යටතේ, විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව අල්ලස් කොමිසම වෙතින් ප්‍රතිචාරයක් ඉල්ලා සිටින බව ද ඔහු පවසා තිබෙනවා.

Latest News

error: Content is protected !!