87-89 වකවානුවෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ යළි ගොඩ නැඟීමෙහි ලා බිම් මට්ටමේ දැවැන්ත කාර්ය භාරයක් කරමින් දර දිය අඳින ලද නායකයකු වන නන්දන ගුණතිලක් මහතා අභාවප්‍රාප්ත වීමෙන් පසු මේ වන විට විවිධ මත පළ වෙමින් පවතී.
ඇතැම් මත ඔහුගේ දේශපාලන භාවිතාව පිළිබඳව වන අතර ඇතැම් මත ඔහුගේ හදිසි මරණය සම්බන්ධයෙන් ය.
කෙසේ වෙතත් සිය අතීත සගයා පිළිබඳ ජවිපෙ පැරණි සාමාජිකයකු හා වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වන කේ.ඩී ලාල් කාන්ත මේ වන විට සමාජ මාධ්‍යවල පළ කර ඇති මතයකට දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා.
එහි ඔහු සඳහන් කර ඇති ආකාරයට නන්දන ගුණතිලක නම් මිනිසාට ලබා දිය හැකි ලකුණු සංඛ්‍යාව බින්දුවකි.
කලකට ඉහත දී තමන්ගේ පක්ෂයේ යාව ජීව සාමාජිකයකුව සිටි වෙනත් පක්ෂවල අභ්‍යන්තරයට වඩා වෙනස් බැඳීමකින් අරමුණකින් එකට කටයුතු කළ සටන් සගයකු මිය ගිය පසු එවැනි ප්‍රකාශයක් කිරීමට තරම් ලාල් කාන්තලා කුහකයන් වී තිබෙන ආකාරය පුදුම සහගතය.
ලිබරල් දේශපාලන හරයන් තුළ දේශපාලනයේ සදාකාලික සතුරන් නැති බවට ප්‍රබල කියමනක් පවතී. වාමාංශික සහෝදරත්වය තුළ සතුරන් යනු සදාකාලික සතුරන් ද? දේශපාලනය වෙනයි, දේශපාලන න්‍යාය පත්‍ර වෙනයි, දේශපාලන ව්‍යාපාර වෙනයි. මනුස්සකම වෙන එකකි. ලාල්කාන්ත මෙවැනි ප්‍රකාශයක් කළේ ජවිපෙ දේශපාලනයේ අවම මනුස්සකමවත් ඉතිරිව නැද්ද?
ඊයේ පෙරේදා කෙහෙල් මලක් සේ මතුවී මාළිමා ආණ්ඩුව අපකීර්තියට ලක් කළ අශෝක රන්වල නමැති පුද්ගලයා හොඳ මිනිසෙක් යැයි සිය ෆේස්බුක් එකෙන් චරිත සහතික ලියූ ලාල් ලාය.
මේ ලාල් කාන්තගේ තනි මතයක් විය නොහැකි අතර සහ සුද්දෙන්ම පැලවත්තේ සාමුහික මතය විය යුතුය.
එය එසේ නම් ඒ දේශපාලන ව්‍යාපාරයේ මනුස්සකම බින්දුවකි.
ලාල් කාන්ත ඔහුගේ ෆේස්බුක් හි පළ කළ සටහන මෙසේය.
මට ඔහු බිංදුවයි.,
නන්දන ගුණතිලක
අපේ පක්ෂය ගොඩගන්න
කැපකිරීම් කළ මිනිසෙකි.
එයට මම ඔහුට දේශපාලන ළකුණු 10 ක් දෙමි.
නන්දන ගුණතිලක
පක්ෂය විනාශ කිරීමට
කැපකිරීම් කළ මිනිසෙකි.
එයට මම ඔහුට ඍණ ළකුණු 10 ක් දෙමි.
10-10 = 0
