රනිල්ගේ එක්සත් රාජධානියේ සංචාරය කිරීමේ නඩුව සොලිසිටර් ජනාරාල්ගේ අධීක්ෂණය යටතට

වොල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ පැවති බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියට කළ සංචාරයකදි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය අරමුදල් රුපියල් මිලියන 16.6 ක් අවභාවිත කළ බවට එල්ල වන චෝදනා විමර්ශනය සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතට පවරා ඇති බව ‘Sunday Times’ පුවත්පත වාර්තාකර තිබෙනවා.

නීතිපති පාරින්ද රණසිංහ මහතා විමර්ශනය අධීක්ෂණය කිරීම සඳහා ඔහු පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ ප්‍රධානියාය.

දැනට වික්‍රමසිංහ මහතාගේ නඩුව පිළිබඳ විමර්ශනය මෙහෙයවනු ලබන්නේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විසිනි.

රජයේ අරමුදල් අවභාවිත කිරීමට අදාළව විමර්ශනයේ කොටසක් ලෙස එක්සත් රාජධානියට ගිය CID කණ්ඩායම විසින් පවත්වන ලද විමර්ශනයේ වාර්තා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) තවමත් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව ද ‘Sunday Times’ පුවත්පත් වාඑර්තාවේ වැඩි දුරටත් සඳහන් ය.

Latest News

error: Content is protected !!