හරිනිගෙන් නම් 7යි සජිත්ගෙන් 10යි
පුරප්පාඩු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජික ධුර තුනට නව සාමාජිකයන් පත් කිරීම සම්බන්ධව රජය සහ විපක්ෂය අතර පසුගිය සතියේදී පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බව ආරංචි මාර්ග පවසනවා.
පසුගිය 16වැනිදා ධුර කාලය අවසන් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් තිදෙනා වෙනුවට නව සාමාජිකයන් තිදෙනා පත් කිරීම සඳහා මෙසේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡා පවත්වා ඇත්තේ තුන්වැනි වතාවට බවයි වාර්තා වන්නේ.
පත් කරන සාමාජිකයන් තිදෙනා සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති කර ගැනීමට අග්‍රාමාත්‍යවරිය හා විපක්ෂ නායකවරයා මීට පෙර දෙවතාවක් මුණගැහුණද එම සාකච්ඡා අව්සසන් වී තිබුණේ එකඟතාවයකින් තොරවය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිවිල් සමාජය නියෝජනය කරන සාමාජිකයන් තිදෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පත් කළ හැක්කේ අගමැති සහ විපක්ෂ නායක යන දෙදෙනාගේම එකඟතාවයෙන් පමණි.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති මෙම රැස්වීමේ දී අග්‍රාමාත්‍ය හරිනි සහ විපක්ෂ නායක සජිත් වෙන් වෙන්ව නිර්දේශ ලැයිස්තු දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී අග්‍රාමාත්‍යවරිය නම් 7ක් විපක්ෂ නායකවරයා නම් 10ක් නිර්දේශ කර ඇති බව සඳහන්ය.
සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කළ නම් ලැයිස්තුවට හිටපු උපකුලපතිවරයෙකු හිටපු විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු සහ වෘත්තිකයන් කීපදෙනෙකු ඇතුළත් වූ බව ආරංචි මාර්ග පවසනවා.
මෙහිදී රජය පාර්ශවයෙන් පවසා ඇත්තේ රජයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එක් සිවිල් සාමාජික ධුරයක් සඳහා සාමාජිකයකු පත් කිරීමට ඉඩ දෙන්නේ නම් ඉතිරි සාමාජික ධුර දෙක විපක්ෂයට දිය හැකි බවයි. රජයේ සාමාජික ධුරය සඳහා අග්‍රාමාත්‍යවරිය විසින් හිටපු දිස්ත්‍රික් ලේකම්වරියක නිර්දේශ කර ඇතත් එයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එකඟතාවය පළ කර නොමැත.
කෙසේ වෙතත් පත් කරන සමාජිකයන් තිදෙනා පිළිබඳව දෙපාර්ශවයට එකඟතාවයකට නොපැමිණීම හේතුවෙන් සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වූ බව වාර්තා වෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව සමාජිකයන් පත් කරන තෙක් ධුර අවසන් වූ සාමාජිකයෝ එම ධුරවල කටයුතු කරනු ලබනවා.
