ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය මැතිවරණයේදී ලබා දුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දු 30න් 10ක් පසුගිය නොවැම්බර් මාසය වන විට ඉටු කර ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය ඊයේ (18) නිකුත් කළ වාර්තාවක සඳහන් වෙනවා.
එමෙන්ම තවත් පොරොන්දු 10 ක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති අතර ඉතිරි 10න් 9ක් පසුගිය නොවැම්බර් මාසය වන විට කිසිදු ප්‍රගතියක් පෙන්නුම් කර නොමැති බව ද එම ආයතනය පවසනවා.
එමෙන්ම එක් පොරොන්දුවක් ඉටු කිරීමට නොහැකි වී ඇති බවයි එම වාර්තාවේ සඳහන් වෙන්නේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ සමයේදී ලබා දුන් පොරොන්දු ඉටු කරනවාද නැද්ද යන්න සොයා බැලීම සඳහා හඳුන්වා දුන් අනුර මීටරය නම් ප්‍රතිපත්ති ප්‍රකාශන ප්‍රගති නිරීක්ෂණයේ නවතම යාවත්කාලීන කිරීම නිකුත් කරමින් වෙරිටේ රිසර්ච් ආයතනය මෙම අදහස් පළ කර තිබෙනවා.
අනුර මීටර්ය මඟින් ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලබා දී ඇති ප්‍රධාන පොරොන්දු 30ක් නිරීක්ෂණය කරනු ලබයි.
