2026 සහජීවනයේ අස්වනු මංගල්‍යය නමින් දෙණියායේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කොවිලේ පැවති
තෛපොංගල් උත්සවයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් සිදු කළ කතාවක් මේ වන විට විට ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.
එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වී ඇත්තේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ කොන්සල් ජනරාල්තුමන්ය.
කතාව අතරතුර ප්‍රේමනාත් මන්ත්‍රීවරයා ඉන්දීය නියෝජිතයාට “යූ ආ ද මෑන්… වෙරි ගුඩ් මෑන්.. මෑන් ඔෆ් ද මැච්..” යැයි පවසන්නේ එම අවස්ථාව පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වමිනි.
මව්භාෂාව නොවන දෙවැනි භාෂාවක් වන ඉංග්‍රීසි වැනි විෂයක් කතා කරන විට අඩු පාඩු වීම සිනහවට කරුණක් නොවන බව සැබෑවක්ය. එහෙත් වෙනත් රටක් ඉදිරියේ රටේ නාමය එතරම් හෑල්ලුවට ලක් කිරීම සිදු නොවිය යුත්තකි.
දන්න සිංහලෙන් එම අදහස ප්‍රකාශ කළේ නම් ඉන්දීය නියෝජිතයාට එය පරිවර්තනය කර ගැනීමට ඕනෑ තරම් ක්‍රම තිබියදී රටේ නාමය භජනය කිරීමට ඉඩ හැරීම වත්මන් රජයේ වගකීම් විරහිතභාවය නැවත නැවත ඔප්පු කිරීම හැර වෙන කිසිවක් නොවේ.
මෙහි ඇති ඛේදනීයම තත්ත්වය වන්නේ ඔහුගේ ෆේස්බුක් ගිණුමට අනුව ප්‍රේමනාත් මහතා ගුරුවරයෙකු වීමයි. විශේෂයෙන් පුහුණු ඉංග්‍රීසි ගුරුවරුයෙකු වීමයි.
මේ හදිසියේ පාර්ලිමේන්තුවට පත් කර යැවූ උගතුන්ගේ අනුවේදනීය කතාවන් අතරින් තවත් එකක් පමණි.
