යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ මොඩියුල ශිෂ්‍යයන්ට ලබා දීමට පෙර ඉදිරියේදී “ඩබල් චෙක්” කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසා තිබෙනවා.
මේ අනුව මොඩියුලවල දුර්වලතා නිවැරදි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත්වීම් ගණනාවක් සිදුකරමින් විද්වත් මණ්ඩල අලුතෙන් පත්කළ බවයි අගමැතිනිය පවසන්නේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මොඩියුල ලියන, සකස් කරන මුළු ක්‍රියාවලිය ම නැවත සමාලෝචනය කරන බව ද ඇය අවධාරණය කර තිබෙනවා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල නතර කර නැතැයි කී අගමැතිනිය ප්‍රතිසංස්කරණ සක්‍රියව ඉදිරියට යන බව ද සඳහන් කරනු ලැබුවා.
එම වැඩපිළිවෙළ අතරමඟ නතර වේයැයි කිසිවෙකු සැකයක් ඇතිකර නොගන්නා ලෙස ඉල්ලා සිටි අගමැතිවරිය නව ප්‍රතිසංස්කරණවලට අදාළව ගුරුවරු හා විදුහල්පතිවරු පුහුණු කිරීම මේ වසර තුළ හා ලබන වසරේ සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක බව ද පැවසුවා.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ පුත්තලම කලාපයේ අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරු සමග පුත්තලම දිස්ත්‍රික් කාර්යාල ශ්‍රවණාගාරයේ පසුගිය දා (ජන. 17) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
නව ප්‍රතිසංස්කරණ යටතේ මේ මස 29 වන දා පළමු වසර ආරම්භ කර එම සිසුන්ට මොඩියුල පොත් ලබා දෙන බව ත් ප්‍රතිසංස්කරණ පිළිබඳව පුහුණුව ලබා ඇති ගුරුවරු එම දරුවන්ට උගන්වන බව ත් ඇය සඳහන් කළා.
හය ශ්‍රේණියේ මොඩියුලයක බරපතළ වැරැද්දක් සිදු වූ බව ත් එය සිදු වූ ආකාරය පිළිබඳව තවදුරට ත් විමර්ශනය කරමින් සිටින බව ත් අගමැති හරිනි අමරසූරිය ප්‍රකාශ කර තිබෙනවා.
