ඒත් ප්‍රමාණවත් සාක්ෂි නෑලු..
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ හය වැනි ශ්‍රේණියේ දරුවන්ට දීමට නියමිතව තිබු ඉංග්‍රීසි මොඩියුලයට සුදුසු නැති වෙබ් අඩවියක කේතය ඇතුළත්ව තිබීම යම් කුමන්ත්රණයක ප්‍රතිඵලයක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනවලින් පෙනී ගොස් ඇති බව වාර්තා වන්නේ යැයි ‘දිනමිණ’ පුවත්පත වාර්තා කර තිබෙනවා.
එහෙත් එය තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි මෙතෙක් විමර්ශනවලින් අනාවරණය වී නැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග අනාවරණය කර ඇති බවයි එම පුවතේ සඳහන් වන්නේ.
එබැවින් මේ සම්බන්ධයෙන් අපරාධ චෝදනා ගොනු කිරීමට හැකියාවක් නොමැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු සඳහන් කර ඇති බව එහි සඳහන්ය.
ප්‍රමාණවත් සාක්ෂි රැස්කර ගැනීමට තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වන බව පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ‘දිනමිණ’ කළ විමසුමකදී සඳහන් කළ බවයි එහි වැඩි දුරටත් දැක්වෙන්නේ.
