ඉරානයේ පවතින මාරාන්තික විරෝධතා මැද එම විරෝධතා මඟ හරිමින් ධනවත් ඉරාන ජාතිකයන් තුර්කියේ රාත්‍රී සමාජශාලාවලට ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශවලට පලාගොස් ඇති බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඈත පෙරදිග තුර්කියේ වෑන් පළාත ඉරානය සමඟ කඳුකර දේශසීමාවක් බෙදා ගන්නා අතර එය සාද පැවැත්වීමට කැමති ඉරාන ජාතිකයින් සඳහා ජනප්‍රිය නිවාඩු ගමනාන්තයක් බවයි සැලකෙන්නේ.
මාරාන්තික විරෝධතා හා රජයේ දැඩි මර්දනය හමුවේ දහස් ගණනක් මිනිසුන් එකා පිට එකා මැරී වැටෙද්දී ඉරාන ධනවතුන් ඒ කිසිවක් නොතකා වෑන් පළාතේ මත්පැන් පානය කරමින් සාද පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.
මෙම ධනවතුන්ගෙන් බහුතරය ඉරානයේ ඉස්ලාමීය පාලන තන්ත්‍රයට සහාය දක්වන පිරිස් බව ද සඳහන්ය. ඇතැමෙක් රටේ පවතින දේශපාලන ස්ථාවරත්වය හා විරෝධතාකරුවන් තමන්ට පහර දේ යැයි බියෙන් පලා ගිය අය බව ද වාර්තාවල දැක්වෙනවා. ඔවුන් පාලන තන්ත්‍රයේ ප්‍රතිලාභ ලබන අය බව ද සඳහන් වෙනවා.
මේ වන විට, එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් කණ්ඩායමක් වන HRANA, විරෝධතාකරුවන් 2,885 ක් ඇතුළුව මරණ 3,090 ක් සහ අත්අඩංගුවට ගැනීම් 22,000 කට වඩා තහවුරු කර තිබෙනවා. අනෙකුත් කණ්ඩායම් පවසන්නේ සංඛ්‍යාව ඊටත් වඩා වැඩි විය හැකි බවයි.
