ලොව විශාලතම මැණික යැයි කියනු ලබන කැරට් 3,563 ක් බරැති පර්පල් සෆායා වර්ගයේ දම් තරු නිල් මැණිකක් සෙනසුරාදා කොළඹ දී එළි දක්වා තිබෙනවා.
මෙහි වටිනාකම අවම වශයෙන් ඩොලර් මිලියන 300 ක් ලෙසයි එහිදී වාර්තා වී තිබෙන්නේ.
“Star of Pure Land” ලෙස නම් කර ඇති වටකුරු හැඩැති මැණික ලොව විශාලතම ලේඛනගත ස්වාභාවික දම් පැහැති තරු නිල් මැණික බව උපදේශක මැණික් විශේෂඥයකු වන අෂාන් අමරසිංහ මහතා පවසා තිබෙනවා.
ඔප දමා ඇති මැණික ආරක්ෂක හේතූන් මත නිර්නාමිකව සිටීමට කැමති Star of Pure Land නම් කණ්ඩායම සතුය. 2023 දී රත්නපුර නගරය අසල මැණික් පතලකින් මැණික හමු වූ බවයි මෙහි හිමිකරුවන් පවසා ඇත්තේ.
එය 2023 දී අනෙකුත් මැණික් සමඟ මිලදී ගන්නා ලද අතර වසර දෙකකට පමණ පසු හිමිකරුවන් එය විශේෂ ගලක් බව සොයා ගෙන තිබෙනවා. පසුව රසායනාගාර දෙකකින් එය සහතික කරන ලද බව පැවසෙනවා.
